Saturday, September 26, 2015

Amazing Israel 7 - Yom Kippur War Part III

ඊශ්‍රායලය ත් මේ සාම වෑයමට හොඳින් ප්‍රතිචාර දක්වනවා. කොයි තරම් පුංචි, තෙල් නැති රටක් උනත්, තමන්
ලේ හලලා අල්ලගත්තු, විශාල සහ තෙල් වලින් පොහොසත් Sinai කුට්ටියම ආපහු ඊජිප්තුවට බාරදෙනවා.

හැබැයි සිරියාව, සාමය පැත්තක තියලා දිගින් දිගටම Golan Heights ඉල්ලලා තර්ජනය කරනවා.

අදටත් ඊශ්‍රායලය Golan Heights ආපහු දෙන්නෙ නැහැ……….!

මුළු ලෝකෙම මුස්ලිම්වරුන්ට ඕනෙ ඕනෙ විදිහට නැටුවත්… ඊශ්‍රායලය එක්ක ඒ සෙල්ලම් හරියන්නෙ නැහැ.

ඔය අතරේ හමුදා සංදර්ශනයකට ගියපු Anwar Sadat, ඊජිප්තු තුවක්කු කරුවෙක් අතින් අවාසනාවන්ත විදිහට
ඝාතනය වෙනවා.

Yom Kippur යුද්ධය තමන්ගේ අවසාන බිල්ලත් එක්ක මේ විදිහට නිහඬ වෙනවා………..

එදා ඉඳන් අද වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රටක් ඊශ්‍රායලයත් එක්ක ආපහු හැප්පෙන්න ඇවිල්ලා
නැහැ !

යුද්ධය පුරාවටම රුසියාව... ඊජිප්තුවට, සිරියාවට සහ ඉරාකයට ආයුධ එවනවා. සිරියානු අගනුවරට හැතැප්ම
10 තරම්ම ලඟට ඊශ්‍රායල එද්දි, ඒක බේරගන්න රුසියානු හමුදාව පවා එවන්න හදනවා. අරාබීන් ගේ සැළසුම්
ගැස්සෙන කොට රුසියානු අගමැති පවා ඊජිප්තුවට ඇවිල්ලා කරුණු හොයලා බැලුවා.

ඊශ්‍රායලයට උදව් කළොත් තෙල් දෙන්නෙ නෑ කියල අරාබින්, යුරෝපයට කලින්ම තර්ජනය කරලා තිබුණා. 
මේ නිසා බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි පවා UN එකත් එක්ක එකතු වෙලා ඊශ්‍රායලය ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා.

ඇමරිකාව මුලදි ඊශ්‍රායලයට ආයුධ එවන්නෙ නැහැ.. මේ නිසා කට්ට කපටි ඊශ්‍රායලය තමන්ගේ Nuclear
Warheads ඇමරිකානු සැටලයිට් වලට ලේසියෙන්ම පේන විදිහට එලිපිට පණගන්වනවා. මැදපෙරදිග
න්‍යෂ්ටික අවි වලින් වැනසිලා යයි කියන බයට ඇමරිකාව ඉක්මණින් ඊශ්‍රායලයට ආයුධ එවන්න පටන්
ගන්නවා.

අරාබීන් ගෙ තර්ජනයට බයේ, ඇමරිකාවෙ ඉඳන් ඊශ්‍රායලයට ආයුධ අරන් එන planes වලට ඉන්ධන
දෙන්න(refuel) වත් යුරෝපා රටවල් ගොඩක් කැමති වෙන්නෙ නැහැ.  (නෙදර්ලන්තයයි පෘතුගාලයයි හැර)

මීට අමතරව ඇල්ජීරියාඅව, කියුබාව, උතුරු කොරියාව, පකිස්තානය, ලිබියාව, සවුදි අරාබිය, කුවේටය,
මොරොක්කො, ටියුනීසියාව, ලෙබනනය, සුඩානය, පලස්තීනය පවා ඊශ්‍රායලයට එරෙහිව සටනට උදව් කළා.
පුංචි සේනා එව්වා.   

මෙච්චර සපෝට් එක තිබිලත්, හිච්චං ඊශ්‍රායලයට ගහගන්න අරාබීන්ට බැරි වුණා. ඉතිං ඕකට හේතුවක් විදිහට,
ඊශ්‍රායලයට ඇමරිකාව කරන උදව් ගැන මුස්ලිම්වරු කෑ-මොර තියන ඒවා විතරයි අපි අද දන්නෙ.  

“මේවා ඉතිං කොයි කාලෙ වෙච්ච වලි ද ?”  ඕවයින් දැන් වැඩක් තියෙනවද ? කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. 
ඒත් මේ හැමදෙයක්ම මිනිහෙක් ගෙ ජීවිත කාලයකදි වුණ දේවල්

මේ ඉන්නෙ ඊශ්‍රායලයේ කලින් හිටපු ජනාධිපති(Shimon Peres). ලඟකදි තමයි retire උනේ.


කාන්තාරයේ දූවිලි ගොඩින් ඊශ්‍රායලය බිහිවුණෙ මෙයාට අවුරුදු 25ක් වෙද්දි. එතන ඉඳන් ආපු යුද්ධ 3 ටම මෙයා සහභාගි වෙලා තියෙනවා. එයා හැම දෙයක්ම ඇහින් දැකලා ඒ කතාව කියන්න මෙයා අදටත්(2015-09-22) පණපිටින් ඉන්නවා.   

ඉතිං මෙන්න මේ විදිහට තමයි පුංචි ඊශ්‍රායලය මුළු අරාබිකරයත් එක්කම හැප්පිලා තමන්ගෙ රට 3 පාරක් ම
බේරගත්තේ.
ඊශ්‍රායලය කියන්නෙත් batsman කෙනෙක් වගේ. මුළු ලෝකයම පුදුම කරමින් එක පාර එන අරාබි බෝල 4-5
කට උනත් මුහුණ දීලා 6යේ 4රේ පාරවල් ගහන්න අද වෙනකං මේ අය සමත් වුණා. ඒත් දැවී යන්න ඕන
වෙන්නෙ එකම එක බෝලයක් විතරයි.

අරාබිකරයෙන් එළ්ල වෙන අභියෝග අදටත් නැවතිලා නැහැ. අති විශාල දැඩි ඉස්ලාමීය රාජ්‍යක් වෙන
ඉරානය ත් අද military එක අතින් ඉන්නෙ ඉතාම ඉහල තැනක. ලඟදිම මේ අය න්‍යෂ්ටික බලයත් ගනීවී

(ඉරානය න්‍යෂ්ටික මිසයිල අත්හදාබලන අවස්ථාවක්)

අනෙක් අතින් ISIS……..(ISIS හැදුවේ ඊශ්‍රායලයයි ඇමරිකාවයි කියලා විලාප තියන අයට මං කලින් උත්තර දීලා ඇති)


අරාබි රටවල ඕනෙ තරම් හමුදා කුමණ්ත්‍රන වලින් ජනාධිපතිලා පුටුවෙන් පහවෙලා තියෙනවා. එකම ජනාධිපති අවුරුදු ගණං පුටුවේ ඉන්නවා.

ඒත් රටේ හැමෝම හමුදා සෙබලු වෙලත්, ඊශ්‍රායලයේ කවදාවත් කුමණ්ත්‍රන වෙලා නැහැ. තමන්ගේ රටම වැනසිලා යන්න පුළුවන් යුද්ධ ආවත් මේ වෙනකං එක දිගටම, හරියටම අවුරුදු 4 න් 4 ට ඊශ්‍රායලයේ ඡන්දෙ තියලා මිනිස්සු කැමති නායකයාව පත් කරගන්නවා.

ඇමරිකාවෙ, බ්‍රිතාන්‍යයේ පවා ලෝක යුද්ධ කාලෙ මැතිවරණ කල් ගිහිල්ලා තියෙනවා.

මැදපෙරදිග කියන්නෙ, ඉස්ලාම් ආගමේම Shiite, Sunni වෙනසට පවා මරාගන්න. Gay අයව එල්ලන,
අන් ආගම් ජාතීන් වලට මාරාන්තික, ප්‍රජාතන්ත්‍රවාදය තැනක් නැති තැනක්.

කොටින්ම සවුදියේ කාර් එලවන ගැහැණුන්ට වඩා ඊශ්‍රායලයේ ගෑනු Fighter Jet pilots ලා ඉන්නවා !

ඉතිං මේ වගේ ආගමෙන් උමතුවුණ , ඉස්ලාමීය පූජකයෝ අතේ Nuclear Detonators තියෙන රටවල් ගොඩක් 
මැද්දේ,  ජාත්‍යන්තරයේ විවේචනත් එක්ක ඉන්න තමයි ඊශ්‍රායලට සිද්ධ වෙලා තියෙන්නේ.


Gulf යුද්ධයේදී කුවේටය ආක්‍රමණය කරන ගමන්, සදාම් හුසේන් Scud Missiles වරුසාවක් එව්වා (ඩිංඟකට Scud Missile image එකක් search කරලා බලන්න) . විෂ වායු බිය නිසා ඊශ්‍රායලය පොඩි අයට පවා Gas Mask ඇඳගෙන 
ඉන්න උනා. 
ආරක්ශක විධි විධාන වල හපන්කම නිසාම ඊශ්‍රායලිකයෝ කවුරුත් මේකෙන් මැරුනෙ නෑ. ඒත් මේ
මිනිස්සුන්ගෙ මහන්සියෙන් හදපු ගෙවල්, දේපල, කර්මාන්තශාලා අළු වෙලා යනවා.


ඒ කරපු විනාශෙටවත් ප්‍රතිප්‍රහාර එළ්ල කරන්න ඇමරිකාව, ඊශ්‍රායලයට ඉඩ දෙන්නෙ නැහැ !

ඇමරිකාව වාර්ෂිකව ඩොලර් බිලියන ගණනින් ඊශ්‍රායලයට ආධාර දෙනවා. ඒත් අරාබි රටවල් තෙල්
විකුණලා ඊට වඩා ආදයමක් ගන්නවා.

ඊශ්‍රායලය මේ හැම දෙයක්ම කළෙ ඇමරිකාව සහ UN එක ඒ අයගේ අත් යදම් වලින් බැඳලා තියෙද්දියි.
එහෙම නොවෙන්න අරාබි රටවල් ගොඩක අගනුවරල් වල ඊශ්‍රායල කොඩිය ලෙළදෙන්න ඉඩ තිබුණා.
මේ කාගෙ අතින් හරි හෙට ඊශ්‍රායලයේ අවසානය සිද්ධ උනත්, ඊශ්‍රායලිකයොන්ගෙ අරාබීන්ට අමතක නොවෙන පාඩමක් උගන්නලා ඉවරයි.  
මේ අය විද්‍යාවට තාක්ෂණයට කලාවට සාහිත්‍යයට දායාද කරපු දේවල් තව අවුරුදු දහස් ගණනකට ලෝකයේ
හැමෝටම පිහිටවේවි.

මුස්ලිම්වරුත් ඒ නිපැයුම් පාවිච්චි කරන ගමන් Death to America, Death to Israel කියාවි !


ඉතිං ඊශ්‍රායල යුද්ධ ගැන ලිපි ටික මෙයින් අවසාන වෙනවා.  :D  

ඒත් ඊශ්‍රායලය මුළු ලෝකයම පුදුම කරවන එක මෙතනින් නතර වුණෙ නැහැ !

ඇමරිකාවටවත් කරන්න බැරි උන Mission Impossible ජාතියේ විශ්මිත මෙහෙයුම් රැසක් ඊශ්‍රායලය කරලා
තියෙනවා.  
ඒ ගැන අපි පහුවෙලා කතා කරමු  
බලාගෙන ඉන්න බැරි නං Entebbe Raid ගැන හොයාගෙන කියවන්න. Film වල අපි දකින ගොතපු කතා
වලට වඩා ඊශ්‍රායලයොන්ගේ missions කොයි තරම් සිරා ද කියන එක ඔයාලටම වැටහේවි.

9 comments: