Saturday, September 26, 2015

Amazing Israel 7 - Yom Kippur War Part II

සිරියාවට කොයි තරම් තාක්ෂණයෙන් උසස් ආයුධ තිබුණත් ඊශ්‍රායලීය ටැංකි සෙබලු ගොඩාක් කාර්‍යක්ශම සහ
accurate උනා. ඒ වගේම හිතේ ලොකු ගැම්මක් මේ අයට තිබුණා. මේ තියෙන්නෙ ඊශ්‍රායලීය යුධ ටැංකියක
කොටලා තිබුණ වැකියක්.



මේ වෙලාවෙ front දෙකක සටන් කරනවට වඩා තමන්ට වඩාත්ම ලඟින් තිබුණු Golan Heights සටනට වැඩි බරක් දෙන්න ඊශ්‍රායල නායකයෝ තීරණය කරනවා.  

තමන් ඉන්න යුධ ටැංකි විනාශ වෙන වාරයක් වාරයක් පාසා පිළිස්සුම් තුවාලත් එක්කම ප්‍රතිකාර අරගෙන නැවත නැවත front එකට ඇවිල්ලා ටැංකි 6 ක විතර මාරු වෙවී එක දිගට යුද්ධ කරපු ඊශ්‍රායල සෙබලුත් හිටියා.
(Zvika Greengold)

ඉතිං මේ හයියත් එක්කම සිරියානු හමුදා තල්ලු කරගෙන ඉස්සරහට යන්න ඊශ්‍රායලය සමත් වුණා. එහෙම
ඇවිල්ලා සිරියාවේ අගනුවරට(Damascus) Shell වෙඩි වරුසා වස්සවන්න ගත්තා. Damascus බේරගන්න ඉරාක වගේම ජෝර්දාන යෙන් පවා සේනා ගෙන්නන්න වුණා. හොඳටම බය වෙච්ච සිරියානු නායකයා(Assad), තමන්ව බේරගන්න කියලා ඊජිප්තුවට ආයාචනා කරන්න ගත්තා.

ඉතිං තමන්ගේ සගයව බේරගන්න කියලා SAM Coverage එකෙන් ඉදිරියට ඇවිල්ලා සටන් කරන්න. ඊජිප්තුවට සිද්ධ වෙනවා. සිය ගණනක් ඊජිප්තු යුධ ටැංකි දූවිළි කාගෙන ඊශ්‍රායලය පැත්තට එන්න ගත්තා. ඒ එන යුධ ටැංකි SAM වල ආරක්ශාවෙන් එළියට ආපු හැටියෙම
අඳුන ගන්න ඊශ්‍රායල නායකයොන්ගෙ උකුසු ඇස් වලට පුළුවන් වෙනවා.

තමන්ට ලැබුණු chance එකෙන් ඉක්මණටම ප්‍රයෝජන ගන්න ගොදුර ඩැහැගන්න එන රජාලියෙක් වගේ IAF එක විදුලි වේගයෙන් එනවා

(illustrative photo)

ඉතිං මේ විදිහට එළියට ආපු ඊජිප්තු සේනා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, යුධ ටැංකි ප්‍රහාර වලින් ඇඹරිලා පොඩි වෙලා
යන්න පටන් ගන්නවා. ඊජිප්තු ටැංකි 260ක් පැය ගණනක් ඇතුලත විනාශ වෙද්දි ඊශ්‍රායල ටැංකි 20 ක් නැති
වෙනවා.

ඊශ්‍රායලය ආක්‍රමණය (offensive)කරන්න හිතාගෙන සටනට ආවත්, මෙතනින් එහාට තමන තමන්ගේ පණ බේරගෙන්න හැටි හිතන්න (defensive)ඊජිප්තුවටයි සිරියාවයට සිද්ධ වෙනවා.

ඊශ්‍රායල ඉතිහාසයේ බිහිවුණ හොඳම යුධ සැලසුම් ශිල්පියා Ariel Sharon ගැන අපි කතා කළා.
කොහොමත් ඉගෙනීමට ලැදි යුදෙව්වෙක් වගේ මෙයත් Army එකෙන් retire වෙලා උපාධියක් හදාරමින් තමයි
හිටියේ.


මීට කලිනුත් දෙපාරක්ම (1956 වගේම 1967... 6 Day War) Sinai ආක්‍රමණය කරලා ඊජිප්තුවට දොඹෙන් යන්න
දුන්න කෙනෙක් තමයි මේ.

ඉතිං ඊශ්‍රායල රජයේ ඉල්ලීම නිසා ඉගෙන ගන්න එක පැත්තක දාලා මෙයා ආපහු ගේමට බහින්න තීරණය
කළා. ගෙයින් එලියට බහිනකොට මෙයාගෙ යාළුවෙක් අහනවා “Sharon.. අපි කොහොමද මේකෙන් ගොඩ
එන්නේ ? “  මෙයා උත්තර දෙනවා

“ You don't know ? We are going to cross the suez canal and the war will be over there ”

මේ කියන දේ ගැන, කියවන ඔයාලා වගේම ඒ යාළුවටත් ඒවෙලෙ තේරුනෙ නැහැ. ඒත් එලියට බහිද්දිම
කරන්න ඕනෙ මොකක්ද කියලා Sharon ගාව අමුතුම plan එකක් තිබුණා.
මොන තරම් අවදානම් උනත්  සිවිල් කාර් එකෙන් වැඩි ආරක්ශාවක් නැතුවම ඉක්මණට Sinai front එකට යනවා.

SInai front එක අල්ලගෙන හිටපු ඊජිප්තු ටැංකි ඔක්කොම එක්ක ඊශ්‍රායලයට හැප්පෙන්න අමාරුයි. මේකට අපූරු විසඳුමක් තිබුණා.

ඊජිප්තු සේනා අතරේ gap එකක් හොයාගන්න ඊශ්‍රායලිකයෝ සමත් වෙනවා. මේක තමයි Sharon බලාගෙන හිටපු chance එක. 
කෙලින්ම ඊජිප්තු ටැංකි එක්ක හැප්පෙනවා වෙනුවට මේ gap එකෙන් රිංගලා සූවස් ඇළ cross කරලා උතුරටයි
දකුණටයි විහිදිලා ගිහිල්ලා SAM sites විනාශ කරන හැටි ගැන හිතන්න ගන්නවා.


ඒත් මේ  gap එක හරහා හමුදාවක් එගොඩ කරන්නෙ කොහොමද ?
ඔය ප්‍රශ්නය ඊශ්‍රායල නායකයෝ ඔය ප්‍රශ්නය විසඳලා තිබුණෙ මීට අවුරුද්දකටත් කලින්

මේ වෙනකොටත් ඊශ්‍රායලයේ ඉඳන් මෙන්න මේ අමුතු භාණ්ඩයක්, යුධ ටැංකි උඩින්, Suez ඉවුර දිහාවට
එමිනුයි තිබුණෙ.


මේක mobile පාලමක්. කවදාහරි ඊජිප්තුවත් එක්ක යුද්ධෙකදී තමන්ට සුවස් ඇළ cross කරන්න වෙන බව
මේ අය දුර තියා දැකලා තිබුණා. ඒ නිසාම අවුරුද්දකට කලින් මේ mobile bridges හදලයි තිබුණේ.

ඉතිං ටික දවසකට පස්සේ Sharon ලා අල්ලගත්තු gap එක හරහා පාලම හයි කරපු ඊශ්‍රායලය, තමන්ගේ
හමුදා සෙට් පිටින් සූවස් ඇළෙන් එහා පැත්තට එවන්න පටන් ගන්නවා. 

මෙහෙම ආපු සේනා, උතුරටයි දකුණටයි විහිදිලා ගිහිල්ලා ඊජිප්තු ඉවුරේ SAM Sites විනාශ කරලා දානවා. ඒ
එක්කම ඊශ්‍රායල planes (IAF) වලට ආපහු තමන්ගෙ වැඩ කිඩ දාන්න අවස්ථාව ලැබෙනවා.

ඉතිං IAF එක ඊජිප්තු සේනාංක වගේම පොළොව යටින් යන communication lines බෝම්බ වලින් සුනු විසුනු
කරලා දානවා. මේ නිසා තමන්ගෙ හමුදා වලට Radio Messages වලින් අණ දෙන්න ඊජිප්තුවට සිද්ධ වෙනවා

ඉතිං ඇන්ටනාවකින් transmit කරන මෙන්න මේ Radio තරංග හසුකරගෙන ඒවයෙ රහස් කේත විසඳලා
පණිවිඩයට කන් දෙන්න(intercept) ඊශ්‍රායල බුද්ධි අංශ වලට පුළුවන් වුණා. මේ නිසා ඊජිප්තුවන්ගෙ 
movements, plans සෑහෙන්න තරමක් ඊශ්‍රායලිකයො කලින්ම දැනගෙන හිටියා.

ඔන්න දැන් ඊජිප්තුවට ත් හීන් දාඩිය දාන්න පටන් ගන්නවා. 6 Day War එකේදි වත් ඊශ්‍රායලය සූවස් වලින්
එහාට ආවෙ නැහැ. මේ එන ඒමේ හැටියට තමන්ගේ අගනුවරත් ඊශ්‍රායලිකයෝ අල්ලගනී දෝ….. කියන බය
දැනෙන්න ගත්තා. ඉතිං සුපුරුදු විදිහට මේ අය රුසියාවට, ඇමරිකාවට UN එකට කියලා සටන් විරාමයක්
ගන්න හැදුවා.

ඊජිප්තු අගනුවර කයිරෝව අල්ලගන්න ගියොත් ඇමරිකානු pressure එනවා. ඒ නිසා Sharon ලා, ඊජිප්තුවට
නහය රතු වෙන්න පාඩමක් උගන්නන්න මෙන්න මේ වැඩේ කරනවා ……….


SAM site විනාශ කරපු ඊශ්‍රායල හමුදා ඊජිප්තු ඉවුරෙ පහල කොටස් අල්ලගන්නවා. ඉතිං “ඊජිප්තු ඉවුරෙනුත්”
Sinai වලත්,... ඉන්න ඊශ්‍රායල හමුදාවට, ජිජිප්තු 3rd Army එක සම්පූර්ණයෙන්ම කොටු වෙනවා..
මේ විදිහට සීඝ්‍රයෙන් අල්ලගන්න Sharon ගෙ plans, ground troops maneuvers ගොඩාක් උදව් වෙනවා

ඉතිං මේ නිසා මිනිස්සු 45 000 ඊජිප්තු සේනා කන්න බොන්න නැතුව Sinai ඉවුරේ කොටු වෙනවා.

ඉතිං මේ වෙච්ච අකරතැබ්බය නිසා ඊශ්‍රායලය පසු බැස්සේ නැත්නං තමන්ගේ සේනා ඊජිප්තුවට එවන බවට
රුසියාව නැවතත් තර්ජනය කරන්න ගත්තා. ඉතිං ඇමරිකාවෙන්, ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වුණ දැඩි
බලපෑම නිසා ඒ අයව නිදහස් කරන්න ඊශ්‍රායලට සිද්ධ වුණා. UN එක සටන් විරාමයක් ගෙනාවා.

එහෙම නොවෙන්න මුළු ඊජිප්තු සේනංකයම ඊශ්‍රායලියො අතින් සමූලඝාතනය වෙන්න ඉඩ තිබුණා.

ඉතිං මේ විදිහට 3 වෙනි වතාවටත් පුංචි ඊශ්‍රායලය මැදපෙරදිග පතාක අරාබි රටවල් දණගස්සනවා.
අරාබීන්ගෙ අවුරුදු ගණනක සැළසුම් ඊශ්‍රායලිකයන්ගෙ තැනට සුදුසු නුවණ ඉස්සරහා කෑලි කෑලි වලට කැඩිලා
යනවා

Sharon ආපහු ඊශ්‍රායලයට එනකොට “King of Israel” කියල නමක් පටබැඳිලා තිබුණා.
මෙයා බැන්ඩේජ් එකක් ඔලුවේ ඔතාගෙන front එකේ අණ දෙන හැටි, කාන්තාර වැලි පොළොවෙ තියාගෙන 
යුධ සැළසුම් හදන හැටි ඊශ්‍රායල හමුදා පරාක්‍රමයේ සංකේතයක් බවට පත් වුණා.

(Sharon ට පිටිපස්සෙන් ඉන්න එක ඇහැක eye patch එකක් තියෙන කෙනාව දැන් දන්නවා ඇති නෙ ? )

Ariel Sharon පස්සෙ කාලෙක ඊශ්‍රායලයේ නායකයා (අගමැති) පවා වෙනවා.

ඔහොම්මම ගිහිල්ලා තමන් දන්න hardcore මුස්ලිම් යාළුවෙක්ට “Sharon” කියන නම කියලා බලන්න ………...
දැන් තේරෙනවා ඇති නේ ? ලංකාවේ ඉන්න මුස්ලිම්වරු පවා අරාබීන් මෙයාගෙන් කාපු කෑම ගැන දන්නවා !

ඊශ්‍රායලිකයෝ 3000 ක් විතර මේ සටනෙදි දිවි දුන්නා. කාපු කෑම සැර වැඩි නිසා ඊජිප්තුව සහ සිරියාව කවදාවත්
තමන්ගෙ casualties ගණන හෙළි කලේ නැහැ.

ඊජිප්තුවේ Anwar Sadat කියන්නෙ ටිකක් practical නායකයෙක්. මේ තරම් ගේමක් දීලත් ඊශ්‍රායලය
පරද්දන්න බැරි නං, කපන්න බැරි අත ඉඹින එක හොඳයි කියලා මෙයා තේරුම් ගත්තා.
Sadat පස්සෙ කාලෙක ඊශ්‍රායලය පාර්ලිමේන්තුවට(Knesset) පවා එනවා

මීට කලින් වෙන කිසිම අරාබි නායකයෙක් Knesset එකට ඇවිල්ලා තිබුණෙ නැහැ !


මුළු මැදපෙරදිගින් ම ඊශ්‍රායලය, රටක් විදිහට පිළිගත්තු පළවෙනි රට බවට ඊජිප්තුව පත් වෙනවා.
හැබැයි මේ වැඩේ නිසා මෙයාට හතුරො ගොඩාක් ඇති වෙනවා. 

Next >

No comments:

Post a Comment