Saturday, September 26, 2015

Amazing Israel 7 - Yom Kippur War Part I

මුස්ලිම්වරු මේ තරම් ඊශ්‍රායලයට අකමැති හේතුව දැන් ඔයගොල්ලො දන්නවා….අරාබිකරයේ තියෙන එකම මුස්ලිම් නොවන පුංචි ඊශ්‍රායලය, ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධව කරපු අපූරු සටන් ගැන අපි කලින් කතා කළා.


හැබැයි ඒ හැම යුද්ධයකදීම ඊශ්‍රායලය යුදෙව්වන් උපරිම සූදානමින් හිටියා. ඒත් මෙදාපාර නං වැඩේ ගැස්සුනා

කලින් පාරවල් වල තමන්ට වෙච්ච නස්පැත්තිය නිසා, අවුරුදු ගණනාවක් මහන්සි වෙලා හොඳ යුධ සැළසුමක්
හදන්න අරාබීයො සමත් වෙනවා.

6 Day War එකේදි ඊශ්‍රායලය විශාල අරාබි රටවල් 4 ක හමුදා දවස් 6 කින් පරාද කරපු හැටි අපි කලින් කතා
කළා. මේකෙදි අරාබි රටවල හමුදා බුරුතු පිටින් ඝාතනය වුණා. අරාබි ගුවන් හමුදා නැත්තටම වාගේ නැති
වුණා. ඊජිප්තු හමුදා නායකයා සියදිවි නසාගත්තා. ඊජිප්තු ජනාධිපති heart attack එකකින් මැරුණා.

ඉතිං  අඩුම තරමේ, අරාබි Air Force එක ආපහු හදාගන්නකං වත්, තවත් attack එකක් එයි කියල ඊශ්‍රායලය
හිතුවෙ නැහැ. ඒත් ඊජිප්තුවෙ අලුත් ජනාධිපති (Anwar Sadat), මේ තරම් කල් මුස්ලිම්වරු ආභරණය විදිහට
තියාගත්තු මොළේ කියන එක හොඳට පාවිච්චි කරන්න ගත්තා.


අවුරුදු 6 කට පස්සෙ එන Yom Kippur සටනේ,  අරාබි planes තිබුණෙම නැති තරම් !

මෙයා  කපටි උපක්‍රම පාවිච්චි කරලා ඊශ්‍රායල බුද්ධි අංශ (Mossad) නොමඟ යවලා විශාල සේනාවක් සුවස් ඇළෙ ඊජිප්තු ඉවුරට රැස් කරගන්නවා. හැබැයි 6 Day එකේදි කාපු කෑම නිසා මේ පාර ඊජිප්තුවත් එක්ක එකතු වෙන්නේ සිරියාව විතරයි.

ඊශ්‍රායලය කියන්නෙ මිනිස්සු අඩු, ලංකාවටත් වඩා පුංචි රටක්. රටේ යුද්ධ වලට යන්නෙත් සිවිල් වැසියොම තමයි.
ඉතිං ඒ නිසා යුධ පෙරමුනට එකට යන්න නං Mossad එකෙන් අඩුම තරමේ පැය 48 warning එකක් වත් ලැබෙන්න ඕනෙ.

ඒත් මේ පාර ලැබෙන්නෙ පැය 6 ක warning එකක් විතරයි !

ඒ වෙලත් 6 Day War එකේදි වගේ, ඊශ්‍රායලට මුලින්(pre-emptive) පහර දෙන්න මේ පාර බෑ .
මොකද මේ පාරත් එහෙම කළොත් ඇමරිකාවෙ support එක ඊශ්‍රායලයට නැති වෙන්න ඉඩ තිබ්බා.

ඉතිං ඔක්තෝබර් 6 වෙනිදා..යුදෙව්වන්ගේ ශුද්ධ වූ Yom Kippur දිනයේ ම ඊජිප්තුවත් සිරියාවත් දෙපැත්තෙන්
දැඩි ප්‍රහාර එල්ල කරන්න ගත්තා…….


ඒත් සූවස් වගේ ලොකු ඇළක උස ඉවුරු උඩින් ඊජිප්තු යුධ ටැංකි Sinai වලට එගොඩ කරන්නේ කොහොමද  ?....
මේකට හරි ලස්සන උත්තරයක් තරුණ ඊජිප්තු ඉංජිනේරුවෙක් හොයාගෙන තිබුණා.

අපි දන්නවා වැලි ගොඩකට හෝස් එකකින් වතුර විදිනකොට වැලි හේදිලා දෙපැත්තට යනවා. මේ ක්‍රමය
පාවිච්චි කරලා සූවස් ඇළෙන්ම වතුර අරගෙන high pressure එකෙන් කඳු වැටි වලට එල්ල කරලා පාරවල්
කපන්න මේ අය සමත් වුණා.


මේ කපපු පාරවල් දිගේ ආපු ඊජිප්තු යුධ ටැංකි සහ හමුදා, Sinai වල ඊශ්‍රායල හමුදා වලට එළව එළව පහර
දෙන්න ගත්තා.

මේ attack එකට මුහුණ දෙන්න ඊශ්‍රායලය ගුවන් හමුදා planes (IAF) Sinai වලට ඉක්මණින් එන්න ගත්තා.
හැබැයි මේ දේ ඊජිප්තුවෝ කල් තියා දැකලා තිබුණා. Planes වලට පහර දෙන්න අලුත්ම භාණ්ඩයක්
රුසියාවෙන් ගෙන්නලා තිබුණා.

ඒ තමයි SAM (Surface to Air Missile) . Sinai ඉවුරට ගොඩ බැහැපු සියලූම ඊජිප්තු හමුදා, යුධ ටැංකි හිටියේ, 
ඉවුරෙන් එහා පැත්තේ (ඉජිප්තු ඉවුරේ) තිබුණු මේ SAM sites වල cover එක යටතේ. 

ඒ නිසා ඊජිප්තු හමුදා වලට attack කරන්න ආපු ගොඩක් ඊශ්‍රායල planes වලට SAM වලින් බැට කන්න සිද්ධ
වුණා.
ඊශ්‍රායල යේ අන්තිම රුම්පුව තමන්ගේ යුධ ටැංකි සේනාව ඉදිරියට යවන එක විතරයි. හැබැයි මේ දේත්
ඊජිප්තුවෝ දුර තියා හිතලා තිබුණා. මේ අය ගාව රුසියාවෙන් ගත්තු නවීනතම portable Anti-Tank missiles
(Sagger) තිබුණා.   

මේක මනුස්සයෙක් ට උණත් බෑග් එකක එල්ලගෙන ගිහිල්ලා ඕනෑම තැනක deploy කරලා. launch කරන්න
පුළුවන් portable මිසයිලයක්..

ඉතිං මේ Sagger missile එක ඊශ්‍රායලය යුධ ටැංකි වලට හිතාගන්න බැරි විනාශයක් කරනවා.

සිරියාව පැත්තෙත් ත්ත්වය ඒ තරම් සතුටුදායක වුණෙ නැහැ.
සිරියාවට රෑටත් දකින්න පුළුවන් නවීනතම night visions රුසියාවෙන් දීලා තිබුණා. ඒත් ඊශ්‍රායලයට මේ මුකුත්
තිබුණෙ නැහැ. මේ ගැන අපි මුල්ම ලිපියෙ කතා කළා මතකත් ඇති

Sinai වගේ නෙවෙයි, Golan Heights තිබුණෙ ඊශ්‍රායලය නගර වලට ගොඩාක් ලඟින්. ඉතිං මෙහේදී
තමන්ගේ යුධ ටැංකි වලට අල්ලගෙන ඉන්න බැරි උනොත්. පරාද වෙලා ආපහු යන්න රටක් තමන්ට ඉතුරු
වෙන්නෙ නැහැ.


















ඉතිං රුසියන් ආයුධ එක්ක වෙන කවදාටවත් වඩා දරුණු තර්ජනයක් එල්ල කරන්න අරාබීන් සමත් වෙනවා.

ඊශ්‍රායලයට මේ වළෙන් ගොඩ එන්න නං අලුතින්ම හිතන්න සිද්ධ වුණා. ඒත් නිර්මාණශීලීව හිතන එක
යුදෙව්වොන්ගේ ලේ වලටම කිඳා බැහැලා තිබුණු දෙයක්. 

 Next >

No comments:

Post a Comment