Sunday, April 5, 2015

Amazing Israel 5

ආගමික, සංස්කෘතික පසුබිමත් එක්ක ලෝකය පිළිසකර කරන්න මේ අය අතින් ගොඩාක් දේවල් නිපදවෙනවා.

-----------------------------------------------------------------------------------------------------------------------------
පිළිකා ඉව කරන කෘතිම නාසය

යුදෙව්වො, තමන් අදහන දෙවියන්ගෙ ස්වභාවික මැවුම් ගොඩාක් අගය කරනවා. ඒත් ඒවට අගය කර කර වැඳ
වැඳ ඉන්නෙ නෑ. ඒගොල්ලන්ගෙ නව නිපැයුම් වලට අදහස් පවා ගන්නවා.

සමහර සුනඛයොන්ට මිනිස්සුන්ගෙ පිළිකා වගේ රෝග ඉව කරලා අඳුන ගන්න පුළුවන්. මේ දෙවියන්ගෙ මැවීම
වැඩිදියුණූ කරලා, පිට කරන හුස්මෙන් පිළිකා හඳුනගන්න පුළුවන් උපකරණයක් හොයාගෙන තියෙනවා.


මේ උපකරණයෙන්ම alzheimer, parkinson වගේ වෙනත් රෝගත් හඳූනගන්න පුළුවන්


--------------------

දෙපා පණ නැති  අයව නැවත ඇවිද්දවන්න පුළුවන් උපකරණයක්.


2012 දී ඉංග්‍රීසි ජාතික කාන්තාවක් මේ උපකරණය පාවිච්චි කරලා මැරතන් එකකට සහභාගී වෙලා හැතැප්ම
26 කුත් දිව්වා.

--------------------

යුදෙව් බයිබලයේ වැකි සිහිකරන මේගොල්ලො ඊශ්‍රායලයේ දෘශ්‍යාබාධිත අය ගැනත් විශේෂයෙන් සළකනවා

25.png

ලෝකෙ අන්ධ අය සඳහාම හදපු පළවෙනි Smartphone එක බිහි කරනවා.
ඊශ්‍රායලයේ මුදල් නෝට්ටු පවා ඇස් නොපෙනෙන අයට අතගාලා කියවන්න පුළුවන් බ්‍රේල් ක්‍රමයට අනුව තමයි
නිපදවෙන්නෙ.

ඈත අතීතයේ, ඉගෙනීමටම කැපවුණු ළමයින්ට අවුරුදු 10ක් පුරාවට කන්න බොන්න අඳින්න නොමිලේ දෙන
ක්‍රමයක් යුදෙව් සංස්කෘතියේ තිබුණා. ලෝකයේ “ශිෂ්‍යත්ව” ක්‍රමයේ (scholarship) උපත ත් මේක කියලත්
සමහර විද්වත්තු හඳුන්වනවා.
( එක කාලෙකදි ලෝකයේ පළමු වතාවට යුදෙව්වො ජාතියක් විදිහට පිරිමි සාක්ෂරතාව 100% කරගත්තු හැටි හොයාගෙන කියවලා බලන්න)

අදටත් ඊශ්‍රායලය කියන්නෙ මුළුලෝකෙන්ම තමන්ගෙ රටේ ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් පර්යේශන සහ
වැඩිදියුණුකිරීම් වලට (Scientific Research and Development - R&D) වලට ආයොජනය කරන රට !

මේ විදිහට අධ්‍යාපනයට විද්‍යාවට, නව අදහස් වලට තියෙන අසීමිත ඉඩකඩ නිසාම ඊශ්‍රායල ලෝකෙ 4
වෙනියට වැඩිම උගතුන් ප්‍රතිශතයක් ඉන්න රටක් බවට පත් වෙනවා. මේ අතින් ඊශ්‍රායලය ඉන්නේ ඇමරිකාව
ඔස්ට්‍රේලියාව වගේම බ්‍රිතාන්‍යයටත් උඩින්.

ඉතින් මේ වගේ අව්‍යාජ චින්තනයක් , ආශ්චර්‍යක් සහ සුභ අනාගතයක් එක්ක ඉදිරියට යන ඊශ්‍රායලයේ,
ආයෝජනය කරන්න සමාගම් රැසක් එකතු වෙනවා


(මීට අමතරව Google, Yahoo, Intel, HP, SONY, CISCO  අලුතින් Apple R&D ශාඛාවකුත් එකතු වුණා)

මේ සමාගම් ඊශ්‍රායලයට එන්නෙ මැදපෙරදිග අව්ව තපින්න නෙවෙයි කියන එක දැන් තේරෙනවා ඇති. :P
ලෝකෙ පළවෙනි ජංගම දුරකතනය (cellphone) ලෝකෙට බිහිවෙන්නෙත් ඊශ්‍රායලයේ Motorola ශාඛාවක
තමයි.

වර්තමාන‍යෙ ඊශ්‍රායලයේ Tel-Aviv නුවර ලෝකෙ 2 වෙනියට මේ වගේ තාක්ෂණික සමාගම් වලට සුදුසුම
නගරයක් විදිහට සළකනවා. මේක දෙවැනි වෙන්නෙ ඇමරිකාවෙ Silicon Valley වලට විතරයි.

තාක්ෂණයෙන් කොයි තරම් දියුණූ උනත්, තමන්ගෙ ශුද්ධ භූමියේ යුදෙව් උරුමයන් හොයන එක නැවතුනෙ
නැහැ. තැනින් තැන කෙරුණු කැනීම් වලින් අවුරුදු දහස් ගණන් පරණ නටබුන් දිගින් දිගටම හම්බුවෙන්න
ගත්තා.

ඔය අතරෙ පුරාවිද්‍යාඥයින් අවුරුදු දහස් ගණනක් පැරණි බීජ තිබුණු භාජනයක් හොයාගන්නවා. ඊශ්‍රායලීය
ජීව විද්‍යාඥයින් අවුරුදු ගණනක් තිස්සෙ සරු බීජ අඳුනගෙන විෂබීජ අයින් කරලා ඉතාම පරිස්සමෙන් මේ ගස
පැළ කරනවා (Judean Date Palm Tree)


අවුරුදු 1800 ක් පුරාවට මේ ලෝකෙන් වඳවෙලා තිබුණු ගහක් නැවතත් මැදපෙරදිග මේ අපූරු රටෙන් ජීවය
ලබනවා !

ඉතින් මුස්ලිම්වරුන්ට වඩා මේ අය ඉදිරියෙන් ඉන්න හේතු වුණ අන්තිම කරුණ තමයි……
යුදෙව්වෝ නවීන ලෝකයට අනුව හැඩ ගැහුන ජාතියක් වීම….

ගොඩක් මුස්ලිම්වරු වගේ මේ අය අවුරුදු දහස් ගණනක් පැරණි ආගම ඒ විදිහටම  පිළිපදින්නෙ නැහැ. නවීන

ලෝකයේ වෙනස්කම් වලට මේ අය ඉතාම විවෘත්තයි. යුදෙව් ආගමෙත් කාන්තාවන් ආවරණය කරන
ඒවා, දිගට රැවුල වවන වගේ චාරිත්‍ර අඩංගුයි.


නමුත් බහුතරයක් යුදෙව්වො මේවා ගෙඩි පිටින් පිළිපදින්නෙ නැහැ. ලෝකයේ වෙන කිසිම රටකට වඩා
සක්‍රීයව ගෑනු අය හමුදාවේ සේවය කරනවා. ගැහැණු Pilot ලා පවා ඉන්නවා. තමන්ට කැමති ඇඳූමක්
(බිකිනි පවා) අඳින්න ඊශ්‍රායල් නීතියෙන් නිදහස දීලා තියෙනවා

35.jpg
(බිකිනි රූප ඔයාලම හොයාගෙන බලන්න :P )

ලෝකයේ 3 වෙනි රාජ්‍ය නායිකාව (Golda Meir) බිහි කරනවා. ගැහැනු උනාට ඊශ්‍රායලීය දේශපානඥයො
ඔක්කොම යකඩ වගේ මිනිස්සු.

හැබැයි ලෝකෙ1 වෙනි රාජ්‍ය නායිකාව නං බිහිවුණෙ වෙන කොහෙන්වත් නෙවෙයි අපේ
රටෙන්මයි. අන්න ඒ අතින් නම් අපි ඉන්නෙ ඊශ්‍රායලයත් වඩා ඉදිරියෙන් :D  

ඉස්ලාමීය ශරි‍යා නීතියෙ තියෙන ජාතියෙම ම්ලේච්ඡ දඬුවම්, යුදෙව් නීති පොත් වලත් තිබුණා. නමුත්
පසු කාලීන යුදෙව් ආගමික විශාරදයෝ මේ නීති ගොඩාක් ලිහිල් කළා.

අද ඊශ්‍රායලයේ මරණ දණ්ඩයනයක් නැහැ………...(යුද්ධ කාලවලදී ඇරෙන්න)

ඊශ්‍රායල වැසියන් කොයි තරම් ඝාතනය කලත්. මොන තරම් විනාශයක් කළත් අරාබි ත්‍රස්තවාදීන්ට ලැබෙන්නෙ
ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් විතරයි.
(ඊශ්‍රායලිකයන් 66 මරපු life sentences 67 තියෙන ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකුත් හිරේ හිටියා )

මුළු ඊශ්‍රායල ඉතිහාසෙම මරණ දඬුවම දීලා තියෙන්නෙ 2 ක් ට  විතරයි.

නමුත් අරාබි රටවල සමලිංගික වීමේ වරදට, ආගම විවේචනය කිරීම නිසා පවා මිනිසුන් එල්ලා මරනවා.
හරි නඩුවක් වත් නැතුව, අපේ රටේ රිසානා ගෙ හිස ගසා දමපු සිද්ධියත් මතක ඇති.

මේ කිසිම දේකට විරුද්ධතවයක් මුස්ලිම් මිනිස්සුන්ගෙන් එල්ල වෙන්නෙ වත් නැහැ

Anti-Islamic film එකට බම්බලපිටිය/කොල්ලුපිටිය පාරවල් block කරගනෙ පෙළපාලි ගිය අපේම
මුස්ලිම්වරු, රිසානා ගේ අසාධාරණය ඉදිරියේ සද්ද නැති වුණ හැටිත් මතක ඇති
හැබැයි යුදෙව්වන්ගෙ අඳුරු පැති ගැනත් දැනගෙන ඉන්න……... මේ අය සාන්තුවරයො නං නෙවෙයි !

ඉස්ලාමීය රටවල් විද්‍යාවේ මුල්තැන ගත්තු ස්වර්ණමය යුගයකුත් තිබුණා (Al-Chemy, Al-gibra) .
නමුත් කාලයත් එක්ක ඒවයේ පාලනය අන්තවාදී නායකයොන්ට නතුවෙලා තමන්ගෙ දැනුම මොට කරගත්තා.

කලින් කිව්වා වගේ යුදෙව් ආගමත් ඉස්ලාමයට සෑහෙන තරම් සමානයි. මේ නිසා ඊශ්‍රායලයත් යුදෙව්
අන්තවාදීන්ට යටත් වෙන්න ඉඩක් තියෙනවා.


දැනටමත් යුදෙව්වො හිතන්නෙ ඒ අය දෙවියන් වහන්සේ තෝරගත්තු අය කියලා . නමුත් තමන් උසස් නිසා පහත් 
අනික් අයව අතුගාල දාන්න තීරණය කළොත් ? ලෝක ආක්‍රමණයකට ආවොත් ????
අන්න එදාට, මුස්ලිම් අන්තවාදය වගේ ලේසි නං වෙන එකක් නම් නැහැ.

ඇමරිකාව දැනටමත් පාලනය කරන්නෙ යුදෙව්වො කියලා කියනවා. ලෝකයේ එදා මෙදා තුර හිටපු ධනවත්ම පවුල

 (US$  500 trillion ) යුදෙව් කියලත් මතයක් තියෙනවා (Rothschild Family)
(මේ Rothschild පවුලේ කතාවත් වෙනම කියන්න ඕනෙ එකක්.)
ඇමරිකාවට න්‍යෂ්ඨික බලයෙන් සන්නද්ධ කරන්නෙත් යුදෙව්වො ම තමයි.

මේ අය ආයුධයෙන් වගේම දැනුමෙනු ත් සන්නද්ධයි. ඉතාම සංවිධානාත්මකයි. සැලසුම් හදන්නෙ අවුරුද්දකට
දෙකකට, නෙවෙයි අවුරුදු දහස් ගණනකට හරියන්නයි.

අන්න එදාට ෂර්ලොක් හෝම්ස් කතාවේ එන මොරියාටි ලා වගේ නපුරු නමුත් තීක්ෂණ බුද්ධියකින් යුතු හමුදාවකට
මුහුණ දෙන්න අපිට සිද්ධ වේවි !  

නමුත් දැනට නං මේ අයගෙ ජීවිත කතාව අපි හැමෝටම හොඳ ආදර්ශයක් :D

හැබැයි මේ හැමදෙයක්ම පටන් ගත්තෙ යුදෙව් බයිබලයේ (Torah) අනාවැකියකින්….!

අනිත් අය වගේ නෙවෙයි. යුදෙව්වො, තමන්ගෙ බයිබලයේ තියෙන අනාවැකි ටික දකින්නෙ තමන්
විසින්ම සපුරාගන්න ඕනෙ අරමුණක්, විධානයක් (commandment එකක්) විදිහටයි.

මේ නිසා බයිබලයේ තියෙන දේවල වෙනකං බලාගෙන ඉන්න සිරිතක් ඊශ්‍රායලිකයොන්ගෙ නැහැ.

ලෝකයේ 4 කොනේ විසිරිලා ඉන්න යුදෙව්වන්, නැවතත් තමන්ගේම රටක් පිහිටුවන හැටි,
ඊශ්‍රායලයේ කාන්තාරය අස්වද්දන හැටි ගැන Torah අනාවැකි වලින් කියවෙනවා.

ඒකෙන් දිරිමත් වෙන යුදෙව්වෝ ආපහු ඊශ්‍රායලට ඒම ගැන අවුරුදු දහස් ගණනක් තිස්සේ හීන 
දකිනවා ගීත ලියනවා. පරම්පරා ගණනාවක ළමයි ඒ සිංදු ගායනා කරනවා.   

ඔය අතරෙ යුරෝපයේදි යුදෙව්වන් ලක්ශ ගණනින් ඝාතනය වෙනවා. සැරින් සැරේ මුඩුක්කු 
වලට කොටු කරලා දේපල විනාශ කරනවා. ඒ හැම පාරම මේ අය ඒ මුල ඉඳන් ආපහු දියුණු
වෙනවා. විද්‍යාවෙන්,ව්‍යාපාර වලින්, කලාවෙන්, සාහිත්‍යයෙන් ලෝකෙට දේවල් දායක කරනවා.  

අන්තිමට හිට්ලර් අතින් ඉතුරු වෙලා ඉන්න යුදෙව්වන්ගෙනුත් 70% ක්ම ඝාතනය වෙනවා !
(මේ කතාව නං සෑහෙන්න මතභේදාත්මකයි- controversial. හිට්ලර් යුදෙව්වො මැරුවෙ නෑ කියන්නත් නිල නොවෙන
සාක්ශි තියෙනවා.)

හැබැයි ඇමරිකාව යුදෙව්වන්ට හොඳින් සළකනවා. මේ නිසාම යුදෙව්වන්ගෙ දායකත්වයත් 
එක්කඇමරිකාව, යුරෝපයත් පහු කරලා ලෝකයේ අංක 1 බලවතා වෙනවා.

මේ හැම දෙයක් මැද්දෙම ඊශ්‍රායල් දේශය පිහිටුවන්න තමන්ගෙ ළමයින් පුහුණූ කරපු හැටි 
තමන්ගෙ ඊශ්‍රායල් අරමුණ වෙනුවෙන් සති ගණන් බන්ධනාගාර නැව් වල මුහුදෙ මැද පවා
ජීවත් උන හැටි. වගේ ගොඩාක් දේවල්
ගැන  ගැන කියන්න මෙතන ඉඩක් නැහැ.
මේ ගැන ඔයාලා හොයාගෙන කියවන්න. හොයාගත්තු දේවල් අපිත් එක්කත් බෙදාගන්න :D

අන්තිමේදී පණබේරගත්තු අය බයිබල් අනාවැකිය තමන්ගේ අරමුණක් කරගෙන පලස්තීනයට එනවා.

ඒත් ඒ අයට ස්වභාවධර්මය, කෙළවරක් නැති අරාබි ආක්‍රමණ, තෙල් වැනි සම්පත් නැති කම, යුදෙව් විරෝධීන් ගෙ
ආර්ඨික සම්බාධක, ඊශ්‍රායලය නිශ්පාදන ප්‍රතික්ශේප කිරීම් කොටින්ම පය ගහලා ඉන්න කාන්තාර පොළොව ත්
එරෙහි වෙනවා. පහර දීම් එක පිට එක එල්ල වෙනවා.

නමුත් මේ කිසිම දෙයකින් ආපහු හරවන්න බැරි අසීමිත ධෛර්‍යයක් මේ අය සතු වෙනවා
31.png

ශාපලත් දේශයක් විදිහට අතෑරලා දාලා තිබුණූ පලස්තීන කාන්තාරයත් එක්ක මේ අය ආදරයෙන් බැඳෙනවා.
යුදෙව්වො ගිය පාරවල් වල පිටිපස්සෙන් ගස් වැවෙන්න ගන්නවා. කොළපාටින් බැබලෙනවා.
අද ඊශ්‍රායල ඉඩම්, මුළු මැදපෙරදිගින්ම මිල අධිකතම ඒවා අතර තියෙනවා..

අතීතය පුරාවට ඊජිප්තු, රෝමානු, බැබිලෝනියානු පර්සියානු වගේ ගොඩාක් අය යුදෙව්වන්ට හිතාගන්න බැරි
තරම් විනාශයක් අත් කරලා දුන්නා. ලෝකයේ අණසක පැතිරුවා. හැබැයි ටික කාලෙකින් එහෙම්මම වාෂ්ප
වෙලා ගියා. අද අපිට ඒ අය ගැන අහන්නවත් ලැබෙන්නෙ නැහැ

නමුත් මේ හැම දෙයක්ම මැද්දෙම අවුරුදු දහස් ගණනක් පුරාවට යුදෙව්වෝ, යුදෙව්වෝ විදිහටම රැකුනා.

අවුරුදු 3000 කට කලින් තිබිච්ච තමන්ගෙ භූමිය උඩ ම, ඒ නමින් ම (ඊශ්‍රායල්), ඒ භාශාව ම(හීබෲ) කතා කරන, 
ඒ දෙවියන් ම අදහන රාජ්‍යක් නැවත පිහිටෙව්වා !

අද ඊශ්‍රායලය කියන්නෙ අවුරුදු දහස් ගණනක් තිස්සෙ වෙන් වෙලා හිටපු මිනිස්සු එකට එකතු වෙන තැනක්. මේ
රටේ ඉතිහාසඥයො අදටත් ඊශ්‍රායලයෙන් වෙන් වුණු තමන්ගේ සහෝදර යුදෙව් ගෝත්‍ර හොයනවා (10 lost
tribes in Israel). හම්බුන සැනින් ඒ අයට ආපහු එන්න ආරාධනා කරනවා. citizenship පිරිනමනවා

39.jpg

මේ විදිහට ඉන්දියාවෙ, යේමනයේ, ඉතියෝපියාවෙ වගේම චීනයේත් හදුනාගත්තු යුදෙව්වන් ඊශ්‍රායලයට
ගෙන්න ගත්තා.
(ඉන්දියාවේ අවුරුදු 2700 පුරාවට ලෝකෙන්ම හැංගිලා තිබුණු පුංචි යුදෙව් ගමකුත් හොයාගත්තා - Bnei Menashe)

ලංකාවෙ පාවා යුදෙව්වන් ඉඳලා තියෙනවා.  අදටත් එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා (Anne Ranasinghe)

අද මේ රට, ලොව පුරා යුදෙව්වන්ට insurance එකක්. ඕනෑම කරදරයකදී මේ අයට යන්න තමන්ගේම රටක්
දැන් තියෙනවා.

යුදෙව්වො මේ සියලුම දේවල් සම්පුර්ණ කරගත්තෙ තමන්ගෙ රට වගේ 650 ගුණයක් විශාල අරාබි
රටවල් වලට එරෙහිව නැඟි සිටින ගමන් මයි

නමුත් අදටත් මේ පුංචි රට තමන්ගෙ ප්‍රමාණයට ඉක්මවලා ලෝකයේම සංවර්ධිත රටවල් වල මිනුම් දඬු
එක්ක කරට කර ඇවිල්ලා, මුළු මැදපෙරදිග වගේම ආප්‍රිකාවෙත් විද්‍යාව හා තාක්ෂණයේ නියමුවා විදිහට
වැජඹෙනවා.

31.2.jpg


ඉතින් ඊශ්‍රායල් දේශයේ යුදෙව්වන් ගැන පසුබිම (background) කතාව මේ දෙවෙනි ලිපියෙන් අවසාන
වෙනවා. !

ඉතිං ශ්‍රී ලංකාව පරාජය පෙනී පෙනී Cricket match එකක් දිනන හැම වතාවකදිම. ජපනා හිරෝශිමා සිද්ධියෙන්
අලු ගසලා නැගිටපු හැටි අහන හැම අවස්ථාවකදීම, ලෝකෙට අළුත්ම විද්‍යාත්මක සොයාගැනීම් එනකොට
ඉස්ලාම් අන්තවාදයට පහර වදින හැම වතාවකදීම,
මැදපෙරදිග හුදෙකලා සටනක් ගෙනියන. ඒ අතරේම විද්‍යාවෙන් ගොඩාක් දේවල් ලෝකෙට දායාද කරපු මේ
අපූරු රට ගැන ඕගොල්ලන්ට මතක්වේවි කියල මං හිතනවා


හැබැයි කතන්දරේ නම් මෙතනින් ඉවර නැහැ. 
ඊශ්‍රායලිකයොන්ට හරස් වුණෙ කාන්තාරය විතරක් නෙවෙයි. අල්ලහ් දෙවියන්ගේ නාමයෙන්, මේ අයව
පවුල් පිටින් ඝාතනය කරන්න, මුහුදට තල්ලු කරලා දාන්න මිලියන ගණනින් මුස්ලිම්වරු ප්‍රතිඥා දුන්නා.
එක පැත්තකින් පොළොව අස්වද්දන ගමන් මේ මුස්ලිම් ආක්‍රමණ වලට මුහුණ දෙන්නත් යුදෙව්වන්ට සිද්ධ වුණා.

ඒ ගැන මීලඟ ලිපියෙන් කියවෙනවා :) 

Next >

1 comment: