Wednesday, April 1, 2015

Amazing Israel 1


මුළු අරාබිකරයේම මුස්ලිම් අන්තවාදීන්ට සාර්ථකවම මුහුණ දුන්නු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න
යන්නේ.

මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට……... ලංකාවෙන් ⅓ යි

වැඩිහරියක් සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම්
ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු හමුදාවක් බවට පත් වෙනවා.


රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා.
ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා.


(තද කොළපාට - මේ රටත් එක්ක කෙලින්ම යුධ වැදුනු රටවල්,
ලා කොළපාට- ඒ අරාබි රටවලට උදව් කරපු රටවල්, නිල් පාට - මේ පුංචි රට තමයි අර හැමෝටම තනියෙම මුහුණ දුන්නේ )

හැබැයි මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා

ඒ කියන්නෙ මේ රට මුළු ලෝකෙන්ම

  • වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා
  • වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගන්නවා
  • 2009 දී දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා

දැනට මේ ඇති.. මේ ලිස්ට් එක ගොඩාක් දිගයි ……..

ඉතිං මුළු ලෝකෙන්ම මේ රටෙදි..ඊශ්‍රායලයේදි තමයි පළවෙනි වතාවට මුස්ලිම් අන්තවාදයට හුරතල් නැති
උත්තර ලැබෙන්න පටන් ගන්නෙ

මේ රටේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ.

මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ.
මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට වෙන්න ගත්තා.

මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය


ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරලා දවසක් ඇතුලත අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර
ආක්‍රමණය කරනවා

(ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ඉරාකය හා ජෝර්දානය)

මේ වෙද්දි රටේ හිටපු සෑහෙන්න තරමක් හිට්ලර් ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියො. ඒ
කාටවත් හරි හමං හමුදා පුහුණුවක් තිබුනේ නෑ.

විශාල අරාබි රටවල් සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්‍රායලය
සති දෙකක් වත් තියේවි කියලා.

ඒත් මාස 10 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්‍රායලිකයෝ, අරාබි රටවල් 5 ම හමුදා පැරැද්දුවෙ 
කවුරුත්ම හිතපු නැති විදිහට !

දැන් තමයි හොඳම හරිය

තවත් අවුරුදු 19 කට පස්සෙ විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක්
නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන.

(ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය සහ ඉරාකය)

හැබැයි මේ පාර නං  උපරිම සූදානමින් හිටපු ඊශ්‍රායලය  දවස් 6 න් අරාබි හමුදා ඔක්කොටම ගහල දැම්මා….. !
ඔව්……. දවස් 6 යි

හැබැයි ඇමරිකාවේ, එංගලන්තයේ ප්‍රංශයේ ආධාර ඊශ්‍රායලයට ලැබුණා.
ඒත් ඒකට හරියන්න රුසියානු ආයුධ ගුවන් යානා වටේ හිටපු සියලූම අරාබි රටවල් සතු වුණා.

මේ ටික දවසදී  යුදෙව්වන්, තමන්ගෙ රට defend කරා විතරක් නෙවෙයි. විශාල බිම් කොටස් (west bank,
gaza golan heights, jerusalem, sinai) අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට.

මේ නිසා ඊශ්‍රායලයේ size එක 3 ගුණයකින් වැඩි වුණා !

( ‘Sinai’ කියන්නෙ ඊජිප්තුවට අයිති තෙල් වලින් පොහොසත් බිමක්. මේ කොටස විතරක් ඊශ්‍රායලයට වඩා ලොකුයි)
ඊශ්‍රායලයට හරිම අපූරු උපක්‍රම පාවිච්චි කරල තමයි මේ තරම් ඉක්මනට වැඩේ ඉවර කලේ. ඒව පස්සෙ වෙනම
කියන්න ඕනෙ කතා.
(ඔන්න දැන්නං යන්තම් ඊශ්‍රායලයත් ලංකාව තරම්ම ලොකුයි)

මේක නං මුළු ලෝකය පුරාම 6-Day-War නමින් ගොඩක් ජනප්‍රිය වුණා. යුද්ධයට අණ දුන්න
ඊශ්‍රායලය Generals ලා, ලෝක තරු වෙන්න ගත්තා

7.jpg
( ඊජිප්තුවෙ හමුදා නායකයා පරාජය ඉවසගන්න බැරුව පස්සෙ කාලෙක සියදිවි නසාගත්තා )

පිටරට පත්තර පවා මේ විශ්මිත ජයග්‍රහණය ගැන මුල් පිටුවෙ පළ කළා.
යුධ විශේෂඥයෝ ඊශ්‍රායලය හමුදා නිළධාරීන් ගෙ සටහන් අධ්‍යයනය කරන්න ගත්තා.

කොහොමහරි අවුරුදු 6ක් ඇතුලත නැවතත් අරාබි රටවල් 2ක් ආක්‍රමණයක් දියත්
කරනවා (‍Yom Kippur War)

(ඊජිප්තුව සහ සිරියාව)

රටවල් දෙකක් වුණාට මේ යුද්ධය නං කලින් වගේ ලේසි වුණෙ නෑ. රුසියාවෙන් ලැබුණු නවීනතම ආයුධ,
Night Visions අරාබි ජාතිකයන් සතු වුණා. ඊශ්‍රායලිකයන්ට මේව තිබුනෙ නෑ. ඒ අයට රාත්‍රී කාලයේ සතුරා
ලඟට එනකම්ම ඉඳලා පහර දෙන්න සිද්ධ වුණා.
හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ.

ඒ වගේම කලින් පාර දැවැන්ත පරාජයක් අත් වෙච්ච නිසා, මේ පාර අරාබීන් මාස ගණනක හොඳ යුධසැළසුමක් 
හදලයි තිබුණෙ.

නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මොලේ කියන
එක

අරාබි රටවල් මාස ගණනක සැලසුම් ඊශ්‍රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි
කෑලි වලට කැඩිලා ගියා.

ඊශ්‍රායල ජෙනරල් වරු මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuvers) ,
පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්‍රශංසාවට ලක්වුණා.
(Ariel Sharon - එදා මෙදා තුර ඊශ්‍රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්. මෙයාගෙ වැඩ මේ Yom Kippur යුද්ධය දින්න
ලොකු උදව්වක් වුණා. මෙයා පස්සෙ කාලෙක රටේ නායකයා ත් වෙනවා)

මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්‍රායලය නැවතත් ජයග්‍රාහීව නැඟී හිටියා

එදා ඉඳන් අද (2014) වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රාජ්‍යක් ඊශ්‍රායලයත් එක්ක හැප්පෙන්න තරම් නිර්භීත
වුනේ නෑ.

මේ සෑම යුද්ධයකදීම ඊශ්‍රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා


ඉතිං මේ ඊයෙ පෙරේදා බිහි වෙච්ච රටක යුධ හමුදා නිළධාරීන්ට, Pilot ලට ඇමරිකාවෙන් පවා දේශන පවත්වන්න
 ආරාධනා ලැබෙන්න ගත්තා.

(ඊශ්‍රායලයේ ගුවන් හමුදා , යුධ හමුදා මෙහෙයුම් ගැන රසවත් දේවල් ගොඩක් තියෙනවා.
පහුවෙලා ඒ ගැනත් දාන්නම්)



මේ තියෙන්නෙ ඊශ්‍රායල අවට සතුරු අරාබි රටවල් වල තියෙන Airports.

ඊජිප්තුවෙ කයිරෝ වල ඉඳලා fighter jet එකකට ඊශ්‍රායලයට එන්න 
ගතවෙන්නෙ විනාඩි 3යි 
සිරියාවෙ දමස්කස් ඉඳලා විනාඩි 2 යි
ජෝර්දානයේ අමාන් වල ඉඳන් ගතවෙන්නෙ තප්පර 45ක් විතරයි !!!

මේ වගේ භයානක තර්ජනයක් තිබියදීත් අදටත් ඊශ්‍රායලය මැදපෙරදිග මේ විදිහට වැජඹෙන්නෙ ඒගොල්ලන්ගෙ

ආරක්ෂක අංශ වල කාර්‍යක්ශමතාව නිසාමයි

ඒත් පස්සෙ කාලෙකත් ඉඳහිට පොඩි පොඩි මුස්ලිම් ප්‍රහාර එල්ල වුණා. ඒත් ඒ හැමපාරකදිම අවියට 
අවියෙන් ලෙයට ලෙයින් උත්තර දෙන්න ඊශ්‍රායලය පසුබට වුණේ නෑ !


  • පලස්තීන ගරිල්ලන් ඊශ්‍රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට
    පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා.


  • ඉරාකයේ සදාම් හුසේන් න්‍යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා.

මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා, ඊශ්‍රායලය ගුවන් හමුදාව ඉතාමත් දුර ඉරකයේ බෑග්ඩෑග් නුවර Nuclear
Reactor එක කුඩු වෙන්න ගුවනින් බෝම්බ දැම්මා

(මේ මෙහෙයුමත් වෙනම කියන්න ඕනෙ රසවත් කතාවක්)

  • ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්‍රායලය ඔත්තු සේවා
    අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)

-----------------------------------------------------------------------------------------------------------------------------

අද ඊශ්‍රායලයේ යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්‍ය යුධ පුහුණුව ලබනවා. කාන්තාවෝ පවා
මේ හැමෝටම  තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා (Krav Maga)


ඊශ්‍රායලයේ ජනගහනය ලංකාවෙන් 2 න් පංගුවටත් වඩා අඩුයි. මේ නිසා අරාබි රටවල් වගේ විශාල standing
army එකක් මේ අයට තියාගන්න බැහැ. හදිසි කාල වලදි, ව්‍යාපාරිකයො, පාර අතුගාන මිනිහා, බස් ඩ්‍රයිවර් ම 
තමයි තමන්ගෙ වැඩපලවල් වහලා දාලාතුවක්කු අතට අරන් යුධ පෙරමුණට යන්නේ. 

යුද්ධයට කලින් සිවිල් වැසියො වෙන මේ රටේ මිනිස්සු, යුද්ධ කාලෙට ඉතාම බිහිසුණූ හමුදාවක් බවට පත් 
වෙනවා.

ඕනෑම කාලයකදි පැය 72 ක් ඇතුලත 250,000 හමුදාවක් සේවයට කැඳවන්න තරම්ට හමුදා සන්නිවේදනය සහ
protocols කාර්‍යක්ෂමයි.

ඉතිං මේ විදිහට යුද්ධ වලදි front එකේ සටන් වැදිලා වෙඩිනොකා බේරුන නිර්භීත සෙබලු ම තමයි පස්සෙ
කාලෙක රටේ නායකයො වෙන්නේ. (Ariel Sharon, Benjamin Netanyahu)

වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවනවා. උණ්ඩයේ ඉඳන් 
Fighting Jet දක්වා ( උදා:- කෆීර්).

ඊශ්‍රායලයේ සම්පූර්ණ යුධමය හැකියාව ගැන අදටත් කවුරුත් හරියට දන්නෙ නෑ. තමන්ට Nuclear Weapons
තියෙනවද කියන ප්‍රශ්නෙට කිසිම ඊශ්‍රායල නිළධාරියෙක් “ඔව්” කියන්නෙ නෑ හැබැයි “නෑ” කියන්නෙත් නෑ 
(Nuclear Ambiguity)

අද මුළු ඊශ්‍රායලයම එකම War Machine එකක්.
මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි !
( හැබැයි ඉතිං ලංකාවෙනුත් ⅓ යි )

දැන් එතකොට ඊශ්‍රායල් උන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම අයියලද ? චණ්ඩියොද ?
මැරයොද ?
අපෝ නෑ

මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා
ඒ ගැන අපි මීලඟ ලිපියෙන් කතා කරමු :) 

Next >

4 comments:

  1. machan ela niyamai mama FB eketh Post kala Link eka godak mahansi wela thiyanawa elakiri eken thamai mulin adakke Good Work machan puluwannam machan ubagema kiyala blog ekak patan ganin himin sare Blog spot natiwa

    ReplyDelete
  2. Exceptionally impressive.

    ReplyDelete
  3. Superb!! Nimai machan man meka share karanwa.

    ReplyDelete