Thursday, April 2, 2015

Amazing Israel 2


දැන් එතකොට ඊශ්‍රායලිකයන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම අයියලද ? චණ්ඩියොද
? මැරයොද ? ……………...අපෝ නෑ

මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා

මුළු ලෝකෙන්ම
  • වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. )
  • වැඩිම විද්‍යාඥයන් , technicians ලා ප්‍රතිශතය වාර්ථා කරනවා.
(මිනිස්සු 10 , 000  ට 145ක්, දෙවෙනියට ඉන්න ඇමරිකාවෙ මේ ප්‍රතිශතය 10 000  ට 85. පේනවනෙ ගැප් එක ?)

  • සැටලයිට් එකක් අභ්‍යවකාශයට Launch කළ හැකි රටවල් අතරට එනවා
(ලෝකෙටම එහෙම රටවල් තියෙන්නෙ 8ක් විතරයි)

  • 3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා

(Weizmann Institute of Science)

  • ලෝකෙ 8 වෙනියට වැඩිම ආයු අපේක්ශිත කාලය හිමිකරගන්නවා

  • ලෝකයේ ආරක්ශිතම ගුවන් සේවා අතරට එනවා (මේ කතාව වෙනම කියන්න ඕනෙ දෙයක්)  

  • කොටින්ම cell phone එක බිහිවුණෙ මේ රටේ Motorola Lab එකේදි ඊශ්‍රායලීය
    විද්‍යාඥයන් අතින්.

  • අපි පාවිච්චි කරන Flash Memory Pen එක ? ඔව් ඒක බිහිවුණෙත් ඊශ්‍රායලීය 
    ඉංජිනේරුවෙක් අතින් තමයි. (Dov Moran)  
36.jpg

Intel හි Pentium IV, Centrino වගේ Processors හැදුනෙත් මෙහෙදි

  • Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්‍රායල
නිශ්පාදනයක් )

  • ගිලපුවහම මුළු ආහාර මාර්ගය පුරාවටම පින්තූර ගන්න පුළුවන් capsule එකක්.


  • ලෙඩෙක් ගෙ ශරීරයේ අංග වල නිවැරදි Hologram එකක් සෑදීමේ හැකියාව.
(operate නොකර ඇඟේ දෝශ හඳුනගන්න මේක ගොඩාක් වැදගත් වෙනවා)

අද වෙද්දි ඊශ්‍රායලය ආර්ථිකය, අවට තියෙන සියලූම අරාබි මුස්ලිම් රටවල ආර්ථික වටිනාකම් වල එකතුවටත්
වඩා වැඩියි !

හැබැයි ඉතින් මේ දේවල් කළේ රටේ තියෙන තෙල් ටික විකුණගෙන කාලා නෙවෙයි
ඔව්………. මැදපෙරදිග වුණත් ඊශ්‍රායලයට තෙල් සම්පතක් නෑ !!


ඒත් කොහොමද ඊශ්‍රායලය මෙච්චර දෙයක් කලේ ?.....උත්තරේ හරිම සරලයි

ඊශ්‍රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය.
(යුදෙව්වන් ගෙ IQ එක 129. දෙවෙනියට ඉන්න ජ්පනුන්ගෙ IQ එක 109. පේනවනෙ වෙනස ?)

  • මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% ඒත් නොබෙල් තෑගි වලින් 22% අයිති 
    මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. බහුතරයක් විද්‍යාව හා තාක්ෂණයට 
    අදාල ඒවා.
(පහුගිය අවුරුදු 105 දී මුස්ලිම් නොබෙල් ත්‍යාග ලාභීන් හිටියෙ 8 විතරයි. ඒත් යුදෙව්වො 166 ක් හිටියා )

  • ස්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ඒත් ඒ රටේ ඉංජිනේරුවොන්ගෙන්, වෛද්‍යවරයොන්
    ගෙන් 51% යුදෙව්වන්.
  • ඇමරිකාවෙ 3% ඉන්නෙ ඒත් 27% නොබෙල් තෑගි ඇමරිකානු යුදෙව්වන් ගෙ
(මේ වගේ පිස්සු කොර වාර්ථා යුදෙව්වො ඉන්න හැම රටකින්ම වාර්ථා වෙනවා)

ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්

  • කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)
  • මනෝවිද්‍යාවේ පියා (සිග්මන් ෆ්‍රොයිඩ්)
  • සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)


  • facebook නිර්මාතෲ විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් යුදෙව්වෙක්
     තමයි.
  • ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ
  • පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා
  • ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)

කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල
අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්තා.

දැන් තේරෙනවා ඇති නෙ තත්වෙ ?

මේ නිසයි අනික් රටවල “සිහාන්” ල “මයිකල් ජැක්සන්” ලා superstars වෙද්දි
ඊශ්‍රායලයේ විද්‍යාඥයින් උගතුන් තරු බවට පත් වෙන්නෙ


ඉතිං ඊශ්‍රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය.
අදටත් සමහර ඊශ්‍රායල හමුදා නිළධාරීන්ට Ph.D තියෙනවා.

මෙන්න මේ හේතුව නිසයි ඊශ්‍රායලයෙ පුංචි හමුදාව මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්නෙ.
කාර්‍යක්ශම වෙන්නෙ.


ඉතිං මේ විදිහට තමයි මුස්ලිම් වරුන්ගෙ සාහසිකත්වයට ඒ ගොල්ලන්ගෙම බෙහෙත් වලින් උත්තර දෙන්න පුළුවන්
ජාතියක් ලෝකයේ බිහිවුණේ.

වසර ගණනක් තිස්සෙ මැදපෙරදිග දියත් කරපු මෙහෙයුම් වල සාර්ථකත්වය, කාර්‍යක්ශමතාව දැකපු ලෝකයේ
අනික් රටවලුත් ( උදා:- ඇමරිකාව, ශ්‍රී ලංකාව) දැන් ඒගොල්ලන්ගෙ හමුදා පුහුණූ කරගන්න ඊශ්‍රායලයට එවනවා.

 ----------------------------------------------------------------------------------------------------------------------------



අරාබි රටවල් වගේ නෙවෙයි ඊශ්‍රායලය ආගමික නිදහස තියෙනවා.


ලඟදි ලංකාවෙන් ගියපු අය එහේ පන්සලකුත් හදුවා. කිසි ප්‍රශ්නයක් නෑ    
අපි දන්නවා අරාබි රටවල නොයෙකුත් දහ දුක් විඳින ලංකාවෙ මිනිස්සු ගැන,
ඒත් ඊශ්‍රායලයේ අය අපේ මිනිස්සුන්ට හොඳට සළකනවා. තාම ඒ කාටවත් පෙට්ටියක් ඇතුලෙ
ලංකාව එන්න වුණෙ නෑ.

ඊශ්‍රායලය පිහිටුවන්න කලින්, පල්ස්තීනය පුරා විහිදී තිබුණු ක්‍රිස්තියානි, කතෝලික සිද්ධස්ථාන 
මුස්ලිම් පාලනයට නතුවෙලා තිබුණෙ

ඒත් ඊශ්‍රායලය පිහිටෙව්වත් එක්කම මුස්ලිම් ග්‍රහණයෙන් බේරගෙන, යුදෙව් මුස්ලිම් ක්‍රිස්තියානි 
කතෝලික ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගිහිල්ල නිදහසේ වැඳපුදාගන්න අවස්ථාව දුන්නා


පස්සෙ කාලෙක මැදපෙරදිහ සුළු ජාතිකයන්(උදා:-  yazidi) ක්‍රිස්තියානුවන් අරාබි  ආක්‍රමණ වලින්
බේරගන්නෙත් ඊශ්‍රායලය හමුදාවම තමයි.

අද ඊශ්‍රායලයේ 25% ක් මුස්ලිම්වරුන් නිදහසේ ජීවත් වෙනවා


ඒ මුස්ලිම් කාන්තාවන්ට අනික් මැදපෙරදිග රටවල් වල වත් 
නැති නිදහස, සමතැන දීලා තියෙනවා.ප්‍රජාතන්ත්‍රවාදය තිතටම
ක්‍රියාත්මක වෙනවා.

මොන යුද්ධ තිබුණත් ඊශ්‍රායල අද වෙනකං හරියටම අවුරුදු 4 යන්න කලින් මැතිවරණයක් තියලා රටේ නායකයො 
පත් කරගන්නවා. බ්‍රිතාන්‍ය ඇමරිකාවෙ උණත් ලෝක යුද්ධ කාලෙ මැතිවරන පරක්කු වුණා.

මේ රටේ භූමි ප්‍රදේශය “වැඩි හරියක්” ආක්‍රමණය කරල අල්ල ගත්තුවා නෙවෙයි. අරාබි ආක්‍රමණ වලදි ඊට පාඩමක් 
විදිහට අල්ලගත්තුවා.
(ඒ අල්ලගත්තු ගොඩක් ප්‍රදේශත් පස්සෙ ආපහු දුන්නා Ex :- Gaza, West Bank, Sinai)


යුධ බලයෙන් කොයි තරම් පොහොසත් වුණත්, ඊශ්‍රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක
සාමයෙන් ප්‍රශ්න බේරගත්තා.

අන්ත අසරණ වෙච්ච රටවල් මුළුමනින්ම ආක්‍රමණය කරනවා වෙනුවට, සාම සාකච්ඡා වලට ආරාධනා කළා. ඒ
සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත්, මුළු ඊශ්‍රායලයට ම වඩා
ලොකු ඉඩම් (sinai) පවා ආපහු ඒ  රටවල් වලට බාරදුන්නා.

Israel Giving Land.png

තමන්ව සමූලඝාතනය කරන්න ඇවිල්ලා අන්ත පරාජයක් ලබලා ඉන්න හිටින්න තැනක් නැතිවුණු පලස්තීනු 
මුස්ලිම්වරුන්ට ආපහු ඒ පැති වල ඉන්න දුන්නා ( Gaza, West Bank)
ලබාදීලා නිතර නිතර ආහාර, බෙහෙත් විතරක් නෙවෙයි current එක පවා ලබාදෙන්න
ඊශ්‍රායල රජය පියවර ගත්තා.


හැබැයි දිගින් දිගටම යුද්ධෙට ආපු හැම රටකටම(Syria) දුවන්න දුන්නා. ඒ විතරක් 
නෙවෙයි හිතුනොත් ඒ රටවල්වලින් කොටස් ආපහු නොදෙන්නම අල්ල ගත්තා
(Syrian-Golan Heights).

ඊශ්‍රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා

ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.

හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන 
කවදාටත් වඩා ඔවුන්ට දැනුනා. (හිට්ලර් ඇත්තටම මෙච්චර යුදෙව්වෝ මැරුවද කියන එක ටිකක් මතභේදාත්මකයි)

යුදෙව්වන්, හිට්ලර් ඉදිරියෙ ඒ කාලයේදි අසරණ උනත්, අලුත පිහිටවූ ඊශ්‍රායල රාජ‍යෙ 
ආරක්ශක අංශ"Never Again" කියන සංකල්පය යටතේ ක්‍රියාත්මක වුණා

ලෝකය පුරා කොතැනකදි යුදෙව්වන්ට කරදරයක් හිරිහැරයක් වෙනවද
ඒ හැම වතාවකදීම ඊශ්‍රායල Superman කෙනෙක් වගේ ඒගොල්ලන්ගෙ පිහිටට ආවා

වරක් ඊශ්‍රායල කමාන්ඩෝස් ලා මුස්ලිම් රටවල් 8 ක radars වලින් රිංගලා,  4000 km ඈත උගන්ඩාවට
පියාසර කරලා එහේ Airport එකක ප්‍රාණ ඇපයට ගත්තු යුදෙව් වැසියන් 102 බේරගන්න සමත් වුනා
(Entebbe Raid - මේක හරිම රසවත් කතාවක්. පස්සෙ වෙලාවක වෙනම කියන්නම්)

රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්‍රායලයට
ගෙන්න ගත්තා.

අදටත් මේ රටේ ජනගහනයෙන් 350% ක් ඉන්නෙ පිට රටවල් වලින් මේ රටට ආපු
ජනතාවක් ඒ කියන්නෙ හිටපු ජනගහනය වගේ තුනහමාර ගුණයක් පිටරැටියො.

ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ
රටට ගෙන්න ගන්න ඊශ්‍රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.

(Jews en route to Israel from Yemen, during the Magic Carpet operation)

ලෝකය පුරාම යුදෙව් තරුණ තරුණියන්ට රටේ දවස් 10ක සංචාරයක අවස්ථාව ලැබෙනවා. කෑම බීම ඉඳුම්
හිටුම්, guide ල ඔක්කොම ඊශ්‍රායල රජයෙන් නොමිලේ සපයනවා.
අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්‍රායලය
පුරවැසිබාවය දෙනවා.

මුල්ම කාලේ, ලෝකය පුරා විසිරිලා හිටපු යුදෙව්වන් කතා කළෙ ඒ ඒ රටවල් වල භාශාවල් (රුසියානු, පෝලන්ත,
ජර්මන් වගේ).

මේකට විසඳුමක් විදිහට ඒගොල්ලො, යුදෙව්වන්ගෙ භාෂාව විදිහට අවුරුදු 2000 ක් 
තිස්සෙ වඳවෙලා තිබ්බ තමන්ගෙ ආගමික බස, හීබෲ භාශාව වරද්ද වරද්ද, ටිකෙන් ටික
කතා කරන්න ගත්තා !
අවුරුදු දෙදහසකින් ඇහුනෙ නැති භාශාවක වචන මැදපෙරදිගින් ඇහෙන්න ගත්තා.


(News papers, Film නිශ්පාදන වල නම් ඔක්කොම තියෙන්නෙ Hebrew වලින්ම තමයි)

මීට කලින් මේ මුළු මිනිස් ඉතිහාසයේම කොතනකවත් වඳවෙලා තිබුණූ භාශාවකට
පණ දීලත් නෑ, එය රටක ප්‍රධාන භාශාවක් කරගෙනත් නෑ !

අපි දැන් පාලි වලින් කතා කරන්න ගියොත් කොයි තරම් අමාරු වෙයිද ?

මේ විදිහට ලෝකය පුරා යුදෙව්වන්ට නිවහනක් වුණ ඊශ්‍රායලය, තමන්ගෙ ජාතිය දශ ලක්ශ ගණනින් 
මරපු නාසි නිලධාරීන්වත් අමතක කළෙ නැහැ.

තමන්ගෙ ජාතිය දස වද දීලා මැරුවත්, පුළුවන් හැම වෙලාවකදීම නාසි කාරයොන්ව පැහැරගෙන 
ඊශ්‍රායලය ගෙනල්ලා එහිදී අධිකරණ ඉදිරියෙ නිදහසට කාරණා දක්වන්න පවා අවස්ථාව දුන්නා. 
නීතීඥයන් ලබා දුන්නා.


(Adolf Eichmann මෙයාව ආර්ජන්ටිනා රජයටත් හොරෙන් පැහැරගෙන ඇවිල්ල අධිකරණය ඉදිරියට පමුණුවනවා)

නමුත් ඇයි යුදෙව්වො යුරෝපේ අතෑරලා මේ මැදපෙරදිග දූවිලි ගොඩකට ආවෙ ? ඇමරිකාවට යන්න
තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් වැදගත් ?

ඒ ගැන අපි මීලඟ ලිපියෙන් කතා කරමු.

Next >

No comments:

Post a Comment