Saturday, April 4, 2015

Amazing Israel 4

මැදපෙරදිග දූවිලි ගොඩකින් පටන් අරන් අවුරුදු 60 කදී පුංචි රටක් හදලා ඒ රට විශාල අරාබි ආක්‍රමණ 3 කින්ම
රැකගෙන විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් වාර්තා පිට වාර්තා තියමින් යුරෝපා, ඇමරිකාව වගේ රටවල් එක්ක
කරට කර ගෙනාපු ගමන ගැන අපි කලින් ලිපි වල කතා කළා මතක ඇති.


ඒත් යුදෙව්වො මේ තරම් දක්ෂ උනේ කොහොමද ?

අපි දන්නවා මැදපෙරදිග රටවල් තාමත් රැකෙන්නෙ තෙල් විකුණලා. ඒ රටවල සංවර්ධනයට, තාක්ෂණික දියුණුවට
ගොඩක් දායක වෙන්නේ පිට රටින් ආපු මිනිස්සු මිසක් මුස්ලිමුන් නෙවෙයි.

ඒත්…...යුදෙව්වො කියන්නෙත් සෑහෙන තරම් මුස්ලිම්වරු වගේම ජාතියක් තමයි.

ඌරු මස් නොකෑම, හලාල් වෙනුවට Kosher, පුංචි කාලෙදිම “අහවල්” කොටස අයින් කිරීම.  අරාබි වගේම
දකුණේ ඉඳන් වමට කියවන හීබෲ භාෂාව. කොටින්ම මුස්ලිම්වරු වගේම පුංචි තප්පියකුත් (kippah)
මේ අය පලඳිනවා. මුස්ලිම්වරුන් ගෙ අල්- කුර්ආන් එක වගේ සමහරු තමන්ගෙ යුදෙව් බයිබලය (Torah) දිවි
හිමියෙන් අදහනවා.

18.jpg

ඉස්ලාමය, ක්‍රිස්තියානි/කතෝලික ආගම පටන් ගත්තෙත් යුදෙව් ආගමෙන් ම තමයි.

එහෙනං යුදෙව්වො මේ තරම් ඉදිරියෙන් ඉන්නෙ කොහොමද ?  මේ තරම් සහජ ඥානයකට උරුමකම්
කියන්නෙ කොහොමද ? ඒකට ඒ අයගෙ ආගම සංස්කෘතිය දායක උනාද ?  

ඉස්ලාමයේ ඉගෙනීමට, දැනුම හොයාගෙන යෑමට කොයි තරම් උනන්දු කළත් වැඩක් වෙලා නෑ.  

https://lh6.googleusercontent.com/B7RiGaMbhtzkkUfU8sc3HSCjBgogYKgHiFe_l8A8UVJncE-BF3RKKIzfceNdqdey5GZ2Ai-eLoagMLjaHemZhhseqRkmlWbrIvJ7NzoXsZyZpC81xnMjY93Q44ACRu9xRFQeHeM

ලෝකය පුරා බිලියන ගණනින් මුස්ලිම්වරු පැතිරිලා හිටියත් ඒ ගොඩක් රටවල අධ්‍යාපනයට ඒ තරම්
දායකත්වයක් මේ අයගෙන් ලැබෙන්නෙ නැහැ.

නමුත් යුරෝපීය යුදෙව්වෝ ඒ රටවල දැනුම, සාරය උරාගත්තා. ගත්තා ට වඩා ආපහු ලෝකෙට දුන්නා.
තමන් අධ්‍යාපනයක් නොලබන එක, ළමයින්ට උගන්නන්නෙ නැති එක මහා පවක් විදිහට යුදෙව් ආගමික
නීති පොත් වල ත් කියවෙනවා.

මේ නිසාම යුරෝපය පුරා, විසිරිලා හිටපු යුදෙව්වන් ඒ හැම රටකම අධ්‍යාපනයේ පුරෝගාමියෝ වුණා.
උගතුන් අතරින් කැපිලා පෙනුන ගොඩ දෙනෙක් යුදෙව්වන්ම වුණා.

ඒ විද්‍යාවට හා තාක්ෂණයට තමන්ගෙ තිබුණූ හපන්කම, පලස්තීනයේ කාන්තාරය ජයගන්න මේ අයට
ලොකු ‘පිටිවහලක්’ වුණා.

මේ ගැන හරියට කියන්න නම්, මේගොල්ලෝ පලස්තීනයට සංක්‍රමණය වෙච්ච තැන ඉඳල ම කතාව පටන්
ගන්න  වෙනවා.

මේ කියන්න යන්නෙ යුදෙව්වෝ, මැදපෙරදිග පලස්තීන කාන්තාරය දිනීමේ අපූරු කතාන්දරයයි…..!


- පලස්තීනය -

මේ අය යුරෝපයේ ඉඳන් එනකොට පලස්තීනය කියන්නෙ වතුර නැති නිසරු පසක් තිබුණු  කටුක කාන්තාරයක්. ඒ
විතරක් නෙවෙයි ගල් වලින් පිරිලා….


වතුර තිබිච්ච තැනුත් වගුරුබිම් වෙලා මැලේරියා මදුරුවෝ බ්‍රේක්ඩාන්ස් දාගෙන හිටපු තැනක්. මුස්ලිම්වරු
යුදෙව්වන්ට විකුණනන්නෙ වගේ ප්‍රදේශ විතරයි. ඒ පැතිවල කාටවත්  ජීවත්වෙන්න බැහැ කියලයි මුස්ලිම්වරු
හිතුවෙ.

නමුත් මේ කාන්තාරයේ දූවිලි තුළින් කලින් තිබුණු තමන්ගෙ රාජ්‍යය ආපහු මතු කරන්න, යුදෙව්වො
අවුරුදු 2000 තිස්සේ හීන දැක්කා. කොයි තරම් නොවටිනා උනත් මුස්ලිම්වරු ඉල්ලපු වැඩි ගණනට ඉඩම් ටික
ගත්තා.

ඒත් මැලේරියා “බෝනස්” එකත් එක්කම මිලදී අරගෙන පදිංචි වුණ මේ අයගෙන් ⅓ ක්ම මේ රෝගයට
ගොදුරු වුණා. ඇඟේපතේ වැඩ ගොවිතැන්, ගොඩනැගිලි ඉදිකිරීම් ගැන කිසි අත්දැකීමක් යුදෙව්වොන්ට තිබුණේ
නැහැ. මේ අයගේ ලී ගෙවල් හුලඟට කඩා වැටුනා, ගොවිතැන් අසාර්ථක වුණා.

ඊශ්‍රායලය සිහිනය පටන්ගන්නත් කලින් ම වැනසිලා යන ලකුණු පේන්න ගත්තා…..

හැබැයි මේගොල්ලෝ අතෑරියේ නෑ. අක්කරෙන් අක්කරේ නිසරු පස හෝදලා ලවණ ගතිය අඩු කළා. ගල් අයින්
කළා, ගිණි අව්වේ උදලු අරන් වැඩට බැස්සා. වගුරුබිම් වලට එන ජල මාර්ග අවහිර කරලා ගොවිතැනට පාවිච්චි
කළා. මේ නිසා වතුර එකතවුණ තැන් අඩු වුණා. මදුරුවන් ගහන අඩු වුණා.


(මේ අයගේ මදුරු මර්ධන වැඩසටහන කොයි තරම් සාර්ථක උනාද කියනවනං, ඒ ගැන ඉගෙන ගන්න ජාත්‍යන්තර සංවිධානයක් පවා  ඊශ්‍රායලයට
ආවා)

මේ විදිහට පලස්තීනය මැලේරියාවෙන් නිදහස් කරන ගමන්ම කාන්තාරයේ වගා කරන හැටි ගැන හිතන්න
ගත්තා. මේ වැඩේට සුදුසු වගා ක්‍රම, යුදෙව් ජීව විද්‍යාඥයන් අතින් නිර්මාණය වෙන්න ගත්තා.

මේ හැමදේටම යුදෙව්වෝ අරගෙන ආපු විද්‍යාත්මක දැනුම ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.


හැබැයි තාක්ෂණය අතින් මොන තරම් දියුණු උණත්, මේගොල්ලො තමන්ගෙ උරුමය අමතක කළේ නෑ

විද්‍යාවෙන් ඉදිරියට යන ගමන්, තවත් කට්ටියක් යුදෙව් ඉතිහාසය හරහා ආපස්සට ගවේශනය කරන්න ගත්තා.
මීට අවුරුදු 2000 ට කලින් හිටපු යුදෙව්වන්, කාන්තාරයේ වගා කරපු ගස් මොනවද කියල හොයන්න තමන්ගෙ
බයිබලය (Torah) පවා අධ්‍යනය කළා.

දිවා රෑ නොබලා මේ අය හෙලපු දහඩිය මහන්සිය නිසා ඩිංග ඩිංග බඹරය යන්තමින් යුදෙව්වන්ගෙ පැත්තට
කැරකැවෙන්න ගත්තා. මහ පොළොවේ රහස්, ටිකෙන් ටික මේ අයට තේරෙන්න ගත්තා
වනාන්තරයෙන් කාන්තාරය වට කරන මේ අපූරු ආක්‍රමණය අදටත් ඊශ්‍රායලය ඇතුලෙ සිද්ධ වෙමින් පවතිනවා.
මුළු ලෝකෙන්ම කලින් තිබුණට වඩා ගස් වැඩි කරගත්තු රටවල් 2 න් එකක් බවට පත් වෙනවා.

අද ඊශ්‍රායලය තමන්ගෙ අස්වැන්නෙන්  70% අපනයනය පවා කරනවා.

ඊශ්‍රායලී‍ය විද්‍යාඥයින් කාන්තාරයටම විශේෂයෙන් සකසපු අළුත්ම බෝග ජාති පවා හඳුන්වා දෙන්න පටන්
ගත්තා,
ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන තක්කාලී වර්ග (cherry tomato by Hazera Genetics) සහ ලුණු සහිත වතුරෙන්
උනත් වවන්න පුළුවන්, කාන්තාරයටම සකසපු අල වර්ග වගේ ගොඩාක් වටින බෝග නිර්මාණය
කරන්න ගත්තා.

7.jpg

මුස්ලිම් රටවලට ඊශ්‍රායලයත් එක්ක ලොකු ලොකු ප්‍රශ්න තියෙන බව ඕනෙ කෙනෙක් දන්නවා

ඒත් ඊශ්‍රායලිකයෝ ලෝකෙට දුන්න වැඩිදියුණු කළ මේ බෝග නං කිසි ප්‍රශ්නයක් නැතුව, පසු කාලීනව, ඊජිප්තුව,
ජෝර්දානය සහ මොරොක්කෝවත් වගා කරන්න ගත්තා.

මේ විදිහට වගාවන් සරු කරගෙන යද්දි ස්වභාවධර්මයෙනුත් අලුත් අලුත් අභියෝග එල්ල වෙන්න ගත්තා.
කෘමි උවදුරු පලිබෝධ උවදුරු මතු වෙන්න පටන් ගත්තා.

ඒත් මේ තරම් අමාරුවෙන් ගහක් වවාගන්න තරමට සකසපු පොළොවක්, කෘමිනාශක ගහලා විනාශ කරන්න
යුදෙව්වන් කැමතිවුණේ නෑ.
මේකට පරිසර හිතකාමී පිළිතුරක් හොයන එක නැවතත් ඊශ්‍රායලී‍ය විද්‍යාඥයින්ටම බාර වුණා. මේගොල්ලො
විසෙන් විස නසන්න එහෙම නැත්නම් කෘමි උවදුරට කෘමීන්ගෙන්ම උත්තර දෙන්න පටන් ගත්තා.
9.jpg

මේ සමාගම, කෘමීන්ගෙ පිරිමි සත්තු අල්ලගෙන ඒගොල්ලො වඳ කරලා පරිසරයට නැවත
මුදාහැරියා. ඒ වඳ පිරිමි සත්තු නිසා ක්‍රමයෙන් අර කෘමීන්ගේ ජනගහනය අඩු වෙන්න ගත්තා. මේ ක්‍රමය දැන්
රටවල් 32 ක භාවිතා වෙනවා.

යුදෙව් ඉතිහාස පොත් වලට අනුව, ආදී කාලයේ ඊශ්‍රායලිකයෝ වාතයේ තියෙන ජල වාෂ්ප එකතු කරගන්න
ගල් විශේෂයක් පාවිච්චි කළා

40.jpg

අද මේ අය මේ වැඩේට නවීන ප්ලාස්ටික plate එකක් පාවිච්චි කරනවා. ජල පරිභෝජනය 50% අඩු කරලා,
උපරිම ජල වාෂ්ප එකතු කරගන්න විදිහට මේ plate එකේ හැඩ තල, මිනුම් හදලා තියෙන්නෙත් ඊශ්‍රායල
විද්‍යාඥයන් අතින්ම තමයි. (“Tal-Ya” නැත්නම් “God’s Dew”)  

මේ අය කවදා හරි ලෝකයේම ආහාර හිඟය(world hunger) නැත්තටම නැති කරලා දැම්මොත් ඒ ගැන පුදුම
වෙන්න දෙයක් නැහැ  :D

ඉතින් මේ විදිහට ඊශ්‍රායලිකයන්, ස්වභාවධර්මයේ ගැට ලිහපු අවස්ථා ගොඩාක් තියෙනවා. ලිපිය දිග වැඩි වුණ
නිසා ඒ විස්තර ගොඩක් අයින් කරන්න වුණා :( . ඒ ගැන ඔයාලම හොයලා බලන්න  :D
(Bee pollination, Owls for mice, Grain Pro, Biofuel, dairy farm control)

වර්තමාන ඊශ්‍රායලය තමන්ගෙ වතුර ප්‍රමාණයෙන් 75% මේක ලෝක වාර්ථාවක් !
දෙවෙනියට ඉන්න ස්පාඤඤය 10% ක් විතරයි නැවත පාවිච්චි කරන්නෙ.

කොටින්ම මේගොල්ලො මුහුදු ජලය පවා පිරිසිදු කරලා බොන්න ගන්නවා.


ඊශ්‍රායලය මේ වතුර ජෝර්දානයට පලා එන සිරියානු මුස්ලිම් සරණාගතයින්ට ලබා දෙන්නත් කටයුතු කරනවා

දැන් අපේ ලංකාව පවා රුපියල්  (මිලියන නෙවෙයි) බිලියන ගණන් වලට ඊශ්‍රායලීය water treatment, water
management systems මිලදී ගන්නවා.

ඊශ්‍රායලිකයන් තමන්ගෙ වගාවන් වලට යොදාගන්නෙ බිංඳු ජල (Drip Irrigation) ක්‍රමයයි. මේකෙ නවීන  ක්‍රමවේද

හොයාගත්තෙත් යුදෙව් ඉංජිනේරුවරයෙක් (Simcha Blass).
වගාවන් වලදී Drip Irrigation වගේ වතුර ඉතුරු කරන ක්‍රමයක් තවත් නැති තරම් !  

6.png

මේ ක්‍රමයෙන් කලින්ට වඩා 40% අඩු වතුර ප්‍රමාණයකින් 50% වැඩි වගාවක් ලබාගන්න මේගොල්ලො සමත්
වෙනවා. ඊශ්‍රායලිකයන් වැඩිදියුණු කරපු මේ නවීන Drip Irrigation ක්‍රමය වර්ථමානයේ රටවල් 110 කම
අතිශයින් ජනප්‍රිය වෙනවා

මේ තියෙන්නෙ අදටත් ඊශ්‍රායලයේ 60% ක් පුරාවට විහිදිලා, පැතිරිලා තියෙන Negev කාන්තාරය.


මේක දැක්කම ඕනෙ කෙනෙක්ට හිතෙන්නෙ බොහොම කටුක කාටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි තැනක්
විදිහට. නමුත් දෙවියන් වහන්සේ තමන්ට දුන්න ඊශ්‍රායල් දේශයේ හැම දෙයක්ම ප්‍රයෝජනවත් විය යුතුම යි
කියන එක යුදෙව්වෝ තදින්ම විශ්වාස කරනවා.

ඒ ඔස්සේ හිතන ඊශ්‍රායලිකයෝ මේ කටුක කාන්තරයෙන් ලස්සන ප්‍රයෝජන 2 ක්ම හොයාගන්නවා.

මේ අය Negev කාන්තාරය යට විශාල මුහුදක් (underground sea) හොයාගන්න සමත් වෙනවා.
ඒ වතුර පාවිච්චි කරල මේ අය කාන්තාරයක් මැද්දෙ මේ අය මත්ස්‍ය වගාවක් පටන් ගන්නවා :O

13.png

ඒ මුහුදු වතුර අරගෙන මාළුන්ට සුදුසු තරමට පිරිසිදු කරලා විශාල පොකුණු වල මේගොල්ලො කෑමට
ගන්න පුළුවන් මාළු ඇති කරනවා. මාළුන්ගෙ වසුරු (බෙටි) පවා පොහොරක් විදිහට ඒ ලඟින්ම තියෙන ඔලිව්
වගාවන් වලට යොදනවා. මේගොල්ලො කිසිම දෙයක් අහක යන්න නම් දෙන්නෙ නෑ.

Negev කාන්තාරයට අවුරුද්ද පුරාම ලැබෙන කටුක ඉර එළිය මේගොල්ලො ආශිර්වාදයක් කරගන්නවා.
පොළොව යට තියෙන මුහුදකිනුත් ප්‍රයෝජනය ගන්න මේ අයට, එළිපිට තියෙන දේවල් මග අරින්නෙ නැහැ ;)
මේක තමයි මේගොල්ලො ගන්න දෙවැනි ප්‍රයෝජනය.

14.png

සූර්‍ය ශක්තිය…. (රුවන්ඩා, ඉක්වදෝරය වගේ) 3 වෙනි ලෝකෙ දුප්පත් රටවල් වලටත් මේ සුර්‍ය
පැනල නිපදවලා දෙනවා.

(ලෝකෙ පලවෙනි hybrid solar power plant එක, ඉතියෝපියාවෙ projects…..මේවා හොයාගෙන කියවන්න.)

ඉතින් මේ වගේ මුස්ලිම්වරු විසින් අතහැරල දාලා තිබුණු වගුරු බිම්, කාන්තාර, යුදෙව්වන් විසින් පාරාදීසයක්
බවට පත් කරන්න සමත් වෙනවා.


හැබැයි පුතෝ.. ඊශ්‍රායල ආරක්ශක අංශ තමන්ගෙ Nuclear Warheads හංගලා තියෙන්නෙත්, අලුත් ආයුධ
අත්හදා බලන්නෙත් මේ කාන්තාරයේමයි කියලා තමයි කියන්නේ.

මෑත කාලයේ මුස්ලිම්වරු විතරක් නෙවෙයි. යුදෙව්වන් පලවාහැරියට පස්සෙ, පහුගිය අවුරුදු 2000 පුරාවට
බැබිලෝනියානු, පර්සියානු, ග්‍රීක, රෝමානු, ඔටෝමන්, බ්‍රිතාන්‍ය වැසියො වගේ ගොඩක් රාජ්‍යන්, ඔය කියන
කාන්තාරය ජයගෙන උත්සාහ කළා.

නමුත් ඒ කවුරුත් සාර්ථක වුණෙ නෑ. හරියට ඊශ්‍රායල දේශය, යුදෙව්වො කවදාහරි ආපහු එනකම් ම බලාගෙන
හිටියා වගේ.

අද මේ පුංචි රටේ විද්‍යාඥයෝ, කාන්තාරයත් එක්ක සටන් කරන හැටි මුළු ලෝකෙටම කියලා දෙනවා.
අප්‍රිකාවේ දුප්පත් රටවල් වල කාන්තාර කරනයට විසඳුම් දෙන projects රැසක් මේ අය දියත් කරනවා

david-faiman.jpg

හැබැයි මේ හැමදෙයකටම පිටිපස්සෙ ඊශ්‍රායලයේ හිටපු දක්ශ නායකයන්ගෙ මඟ පෙන්වීම උදව් වුණා.

16.png
(බෙන් ගූරියන් - ඊශ්‍රායලයේ පලවෙනි අගමැති)

ඊශ්‍රායලයේ උඩහා උතුරට වෙන්න ටිකක් සාරවත් ඉඩම් තිබුණා. දකුණෙ තමයි අර කියපු Neveg කාන්තාරය
තිබුණෙ. හැමෝම "උඩු ගං බලා යද්දි" යද්දී මෙයා (බෙන් ගූරියන්) තමයි කාන්තාරයට සරු බිමක් කරන්න
හීන දැක්කේ. ඒවයෙ වගා කරන්න ඊශ්‍රායල විද්‍යාඥ Teams හදපු මෙයා නිකං පුරසාරම් කිය කිය හිටියෙ නෑ.

පස්සෙ කාලෙක තමන්ගේ අගමැතිකමෙන් පවා අස්වෙලා Negev වල පදිංචි වෙලා ඒ ගිණියම් කාන්තාරය
ජයගන්න සටනට නායකත්වය දුන්නා. ජීවිතේ ඉතුරු කාලය ම Negev විප්ලයවයටම කැපකරපු මෙයාගෙ
අවසාන හුස්ම පොදත් මුසු වුණේ කාන්තාරයේ දූවිල්ලත් එක්කම තමයි.   

 

අද මුළු මැදපෙරදිගින්ම ලොකුම සාප්පු සංකීරණ තියෙන්නේ Negev වල අගනුවර, Be'er Sheva වල  !

මේ වෙනකම් කියපු විද්‍යාත්මක විසඳුම්වලින් පර්සරයට සිදුවන හානිය ගොඩාක් අවමයි කියලා තේරෙන්න
ඇති.

මේ අය පරිසරය දකින්නෙ දෙවියන්ගෙන් තමන්ට ලැබුණු තෑග්ගක් විදිහට. ඒ නිසාම 1950 ඉඳන්ම එයට හානි
නොකර Clean & Green කියන සංකල්පයට අනුව වැඩ කරන්න ඊශ්‍රායලිකයෝ පුරුදු වෙලා හිටියා .

ඒ කාලෙ වෙද්දි ලෝකෙ වැඩි දෙනෙක් මේ සංකල්පය ගැන අහල වත් තිබුණේ නෑ !

ඉතින් මේ හැම දියුණුවකට හේතුව වුණෙ, දැනුම කෙරෙහි යුදෙව්වන්ගෙ තිබුණූ අසීමිත පිපාසය නිසයි

33.jpg

අපි දන්නවා  වෙළඳාමෙන් පැවතීගෙන එන මුස්ලිම්වරු කොයි තරම් වෙළඳාමට හපන් ද කියන එක. ඒ වගේම
හිතලා බලන්න...මුස්ලිම්වරුන්ටත් කලින්, අවුරුදු දහස් ගණනක් පුරාවට ඉගෙනීම මුල් කරගත්තු ජාතියක්
කොයි තරම් නම් හැකියාවන්ගෙන් යුක්ත වෙන්න ඕනෙද කියලා :D

යුරෝපීය යුදෙව්වන්ට තමන් ඉන්න රටවල් වල ඉඩම් ගන්න, ගොවිතැන් කරන්න ඒ රටවල් ඉඩ දෙන්නෙ නැහැ.
මේ නිසා ඇඟේ පතේ වැඩ වෙනුවට මොළෙ විතරක් වෙහෙසන බැංකුකරුවෝ, සැළසුම්කරුවෝ,
ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ වගේ රස්සාවලට මේ අය කොටු වෙනවා.

ඉතිං යුරෝපයේ හිටපු අවුරුදු 2000ක් පුරාවටම මේ අයට බුද්ධිමතුන්, චින්තකයන් වෙන්න මේක ලොකු
හේතුවක් වුණා.

යුදෙව් සංස්කෘතියේ Tikkun olam ( תיקון עולם‎) කියල වැකියක් තියෙනවා. ඒකෙ තේරුම තමයි
“ලෝකය පිළිසකර කිරීම ” (fixing the world) කියන එක. මේ අය විශ්වාස කරන විදිහට යුදෙව්වෝ කියන්නෙ
දෙවියන් වහන්සේ විසින් තෝරගත්තු විශේෂ කට්ටියක් ; ලෝකය පිළිසකර කරන එක මේ විශේෂ යුදෙව්වොන්ගෙ
වගකීමක්.

තමන්ගෙ ආගමික, සංස්කෘතික පසුබිමත් එක්ක මේ අය ලෝකෙට දායක කරපු දේවල් ගැන
අපි ඊලඟ ලිපියෙන් කතා කරමු

ඉතින් ලෝකය පිළිසකර කරන්න මේ අය අතින් ගොඩාක් දේවල් නිපදවෙනවා.
ඒ ගැන. මීලඟ ලිපියෙන් :D  

1 comment:

  1. නියහයි බං උඔ දැන් ලියන එක නැවැත්තුවද?

    ReplyDelete