Saturday, August 8, 2015

Amazing Israel 6 - 6 Day War Part I

ඊශ්‍රායලය, ඉස්ලාමීය රටවල් 4 ක හමුදා දවස් 6 කින් පරාද කරපු කතාව අපි කලින් කතා කළා .
ඒත් ලංකාවටත් වඩා පුංචි රටක්, අර වගේ දැවැන්ත රටවල් 4 ක් එකපාර මේ තරම් ඉක්මණට පරාද කළේ කොහොමද ?

ඊශ්‍රායලිකයෝ කියන්නෙ බුද්ධිමත් වගේම නිර්මාණශීලි ජාතියක්. මේ අයගේ පාසල්, universities වල ළමයි
පවා රටේ තාක්ෂණික ගැටළු වලට උත්තර හොයනවා. ඒ ළමයින්ගේ designs පාවිච්චි කරලා ඊශ්‍රායලය
සැටලයිට් පවා යවලා තියෙනවා.


ඉතිං පුංචි කාලෙ ඉඳන්ම රටේ වගකීම කරට අරගෙන, creative විදිහට හිතන්න පුරුදු වුණ ළමයි තමයි පස්සෙ
කාලෙක යුධ නායකයො වෙන්නේ. මේ අය තමයි මැදපෙරදිග මුස්ලිම්වරු දණගස්සවන්නේ.  

ඉතිං මේ කියන්න යන 6-Day-War එකත්, ඒ වගේ ලස්සන කතන්දරයක් :)


මේ යුදෙව් රට, මුස්ලිම් රටවල්  එක්ක එකපාර ඔට්ටු වෙච්ච පළවෙනි වතාව මේක නෙවෙයි.
තරුණ ඊශ්‍රායලය පිහිටෙව්වට පහුවදාම අරාබි රටවල් 5 ක් හමුදා එකපාර පරාද කරපු කතාව අපි කලින් කතා
කළා.

ඔය අතරෙ 1956 දි ඊජිප්තුව, ඊශ්‍රායලයේ නැව් ආසියාවට යන මාර්ග දෙකම block කරනවා.


මේ නිසා ඊශ්‍රායලයේ පුංචි හමුදාව (Ariel Sharon එක්ක), තනියෙම ඊජිප්තු සේනාංක රැසක් පරාද කරලා මුළු Sinai
මහද්වීපයම සාර්ථකව අත්පත් කරගන්නවා (1956 Suez Crisis). මේ කොටස ඊශ්‍රායල රටටත් වඩා විශාලයි
එහෙම අල්ලගෙන නැව් මාර්ගයක් (1) ආපහු විවුර්ත කරගන්න සමත් වෙනවා.
මේ වැඩේට ප්‍රංශයයි බ්‍රිතාන්‍යයයි මුලදි උදව් කළාට, ඇමරිකාවයි UN එකේයි දැඩි බලපෑම නිසා සටන නවත්තලා,
Sinai මහද්වීපය ඊජිප්තුවට ආපහු බාර දීලා පසුබහින්න, ඊශ්‍රායලයට සිද්ධ වෙනවා.

මුස්ලිම්වරු කියන්නෙ කවදත් තමන් ගැන හරි ලොකුවට හිතන් ඉන්න කට්ටියක්………….

ඒ නිසා මේ පසු බැහිල්ල, ඊජිප්තුවෝ හිතන්නේ, තමන්ගෙ හමුදා වලට බයේ වෙච්ච දෙයක් විදිහට.   
ඉතින් ඒ ගැම්මට ඊජිප්තු ජනාධිපති (Gamal Abdel Nasser), ඉරාකය, ජොර්දානය, සිරියාව කියන රටවල් 4 හමුදා රැස් කරගෙන ඊශ්‍රායලයට ආක්‍රමණයකට ලෑස්ති වෙනවා. මේක තමයි 6-Day-War එක විදිහට පස්සෙ කාලෙක
ලෝකයා අඳුනගන්නෙ.


මෙයා තමන්ගෙ හමුදාව රැස් කරලා කියනවා…

1956 දී ඊශ්‍රායලය, ප්‍රංශය, එංගලන්තය කියන රටවල් 3 ම අපිට ගහන්න ආවා. ඒත් අපි ඒගොල්ලන්ව
පැන්නුවා. මේ පාර ඉන්නෙ ඊශ්‍රායලය විතරයි…..”

ඉතිං අරාබි ඉස්ලාමීය රටවල් හමුදා බලයෙන් සන්නද්ධ වෙද්දි, ඊශ්‍රායලීය වැසියන් දැනුමෙන් සන්නද්ධ
වෙන්න කටයුතු යොදනවා. උපතින්ම විද්‍යාවට හා තාක්ෂණයට තිබිච්ච හැකියාව පාවිච්චි කරලා ක්‍රමවත් ආරක්ශක විධි සහ ආයුධ නිර්මාණය කරනවා.

කලින් කිව්වා වගේම ඊශ්‍රායලය කියන්නෙ War Machine එකක්. පදින තැන අනුව බයිසිකලයක ගියර්
වෙනස්වෙනවා වගේ, යුද්ධයක් අතලඟ තියෙද්දි, ඒකට සුදුසු විදිහට මේ රට ඇතුලෙ ලොකු වෙනස්කම්
ටිකක් වෙනවා.

සියලූම දේශපාලන පක්ශ එකට එකතුවෙලා තනි රජයක් පිහිටුවනවා. රෝහල් වල මාස ගණනකට බෙහෙත්
සැපයුම් තර කරනවා, සිවිල් වැසියන්ට ඉන්න ආරක්ශිත ස්ථාන හදනවා, යුද්ධය පැරදුනොත් රටේ ඉන්න ළමයි
ටික යුරෝපයට යවන්න ක්‍රම සකසනවා.

රටේ මිනිස්සු තමන්ගෙ ලේ දන් දීලා ඒවා ලේ බැංකුවේ තැන්පත් කරනවා. පිටරට තමන්ගේ සැප ජීවිත,
ඉගෙනීම් අත හැරලා, තරුණ යුදෙව්වන් හමුදාවට බැඳෙන්න ඊශ්‍රායලයට එනවා.      

ඉතින් අවුරුදු 10 කට පස්සෙ, 1967 දී තීරණාත්ම 6-Day-War එකට වේදිකාව සුදානම් වෙනවා.
අරාබි රටවල් 4 ක් පකිස්තානයෙන් පවා සහය අරගෙන, ඊශ්‍රායලීය හමුදාවට වඩා

5 ගුණයක් විශාල පාබල හමුදාවක් (500 000),
3 ගුණයක් විශාල යුධ ටැංකි සේනාංකයක් (3000)
2 ගුණයකින් විශාල ගුවන් හමුදාවක් (800)  
හදනවා.
මේ හමුදාව හදන්න රුසියාව විශාල වශයෙන් එළිපිට අරාබි රටවලට උදව් කරද්දි ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය තරමක් අප්‍රසිද්ධියේ ඊශ්‍රායලයට උදව් දෙනවා.

මේ හමුදාවල් තුන් පැත්තකින් ඊශ්‍රායලය රටේ සීමා වලට ක්‍රමයෙන් රැස් වෙනවා.


ඊශ්‍රායල බුද්ධි අංශ (Mossad) වල උකුසු ඇස අරාබි රටවල් වලට දිවා රෑ යොමුවෙලා තිබුණා. කාටවත් අහු නොවී
අරාබි රටවල යුධ සැලසුමේ හැම පියවරක්ම වාර්තා කරන්න Mossad ඔත්තුකාරයො සමත් වෙනවා.

ඒත් මේ මොන තොරතුරු ලැබුණත්…... අරාබි රටවල වල කුරුල්ලො ඇවිල්ල කතා කරල කිව්වත්,
අරාබි හමුදා වල අවි බලය, පිරිස් බලය තාමත් ඊශ්‍රායලයට වඩා ඉතාම විශාලයි !!
ඉතින් කොහොමද මේ වගේ යුද්ධයක් දිනන්නෙ ?

පිරිස් බලයෙන් කොයි තරම් වැඩි වුණත් අපි දන්නවා මුස්ලිම්වරු කියන්නේ ආගම කරේ තියාගත්තු ජාතියක්.
විහිලුකාර ආගමික නායකයො තමයි මේ අයට අනුගමනය කරන්නේ.

ඒත් යුදෙව්වන්ගේ කතන්දරේ ටිකක් වෙනස්, මේගොල්ලන්ගේ frontline සොල්දාදුවන්ගේ ඉඳන් ඉහලම
හමුදා නායකයෝ දක්වා ඉන්න සෑහෙන්න දෙනෙක් ඉහලට ඉගෙන ගත්තු, කාර්‍යශූර, බහුතරය ආගමට බර
නැති secular මිනිස්සු.   

මේ යුද්ධයේ පෙරමුණ ගන්නෙ Moshe Dayan සහ Yitzhak Rabin.
Rabin වාරිමාර්ග ඉංජිනේරුවෙක් වෙන්න සුදුසුකම් තිබුණු අත්දැකීම් බහුල යුධ නායකයෙක්..

Dayan කියන්නෙ යුධපෙරමුනේදි Sniper ප්‍රහාරයක් නිසා ඇහැක් අහිමිවුණ කෙනෙක්. පැය 6 ක් යනකං
මෙයාට රෝහලකට වත් යන්න ලැබෙන්නෙ නෑ. ඇහැත් එක්කම මෙයාගෙ හමුදා ජීවිතයත් අහවරයි කියල හැමෝම හිතුවත්, සුව වෙලා ආපහු යුධ සේවයට ඇවිල්ලා උත්සහයෙන් උනන්දුවෙන් රටේ ආරක්ශක ඇමති
පවා වෙනවා.

මේ දෙන්නම අවුරුදු 16-17 දිම වගේ  හමුදාවට බැඳිලා front එකේ සටන් කරපු අය. ඉතිං මේ වගේ විශිෂ්ඨ
නායකයො දෙන්නෙක් යටතේ තමයි ඊශ්‍රායලීය War Machine එක මෙහෙයවුණේ.

බලාගෙන ඉන්නෙ නැතුව තමන් කලින්ම ප්‍රහාරය ආරම්භ කරන්න මේ අය ඒකමතිකව තීරණය
කරනවා.(pre-emptive strike),
මේ සැලසුමට සපෝට් කරන්න හරි අපූරු උපක්‍රම රැසක් ඊශ්‍රායලීය ආරක්ශක අංශ පාවිච්චි කරනවා.
පුංචි කාලේ ඉඳන්ම හුරු පුරුදු, නිර්මාණශීලි විදිහට හිතනවා.

1-  මේ වෙනකොට අරාබි ඔත්තු කාරයො ත් ඊශ්‍රායල ඇතුලට රිංගලා තිබුණා. නමුත් ඊශ්‍රායල ආරක්ශක අංශ ඒ වැඩි දෙනෙක් සාර්ථකව අඳුනගෙන, අත් අඩංගුවට අරගන්නවා.

ඒ අත් අඩංගුවට ගත්තු ඔත්තුකාරයො ලව්වා, අරාබි රටවලට ලොකු ලණුවක් දෙන විදිහක් ගැන ඊශ්‍රායල
නායකයොන්ගෙ උපක්‍රමශීලි කපටි මොළවලට කල්පනා වෙනවා.

“1956 දි වගේම මේ පාරත් ඊශ්‍රායල එන්නෙ ගොඩබිමින් ම තමයි” කියල බොරු තොරතුරු, ඒ අල්ලගත්තු
ඔත්තුකාරයො අතේ අරාබි රටවලට යවනවා  

2- ඊශ්‍රායලීය ගුවන් හමුදා, පොළොවට ඉතා ලඟින් පියාසර කරන්න පුහුණු වෙනවා. plane වලින් පුහුණු වෙන්න තරම් තමන්ගේ රට ලොකු නැහැ. මුහුදට පියාසර කරලා තමයි මේ අය පුහුණූ වෙන්නේ.
මාලදිවයිනේ මැරතන් ක්‍රීඩකයෝ වගේ වෙන්න ඇති…..

3- ඊශ්‍රායලීය විද්‍යාඥයෝ ප්‍රංශයත් එක්ක එකතුවෙලා විශේෂ බෝම්බ ජාතියක් නිර්මාණය කරනවා

4- ගුවන් නිලධාරීන් තමන්ගෙ ගුවන් යානා, target එකකට බෝම්බයක් දාලා නැවත Airport
එකට ඇවිල්ලා ඉන්ධන පුරවන ක්‍රියාවලිය 200% කින් වේගවත් කරගන්න සමත් වෙනවා.

5 -  සිරියාවේ ඉන්න එක ඊශ්‍රායල ඔත්තුකාරයෙක්, (Eli Cohen) අමුතු වැඩක් කරනවා….

හමුදා උපදේශකයෙක් විදිහට සේවය කරන මෙයා, හමුදා මූලස්ථාන වල සෙබලුන්ට හෙවන හිටින්න ගස්
හිටවන්න යෝජනා කරනවා. ඒකට සුදුසු ගස් වර්ගයත් මෙයා නිර්දේශ කරනවා. මේ ගස්, අවුරුදු ගණනාවක්
තිස්සෙ වැඩෙනවා.(4)

නමුත් මේ අහිංසක යෝජනාව, ඉස්සරහට එන යුද්ධයේදි, සිරියානු සෙබලු බර ගණනකගෙ ඉරණම
විසඳනවා. ඒක වෙන හැටි මේ ලිපියේ ඉස්සරහට එනවා ;)

මේ ඔක්කොමත් එක්ක පහුගිය අවුරුදු ගණනාවක් තිස්සෙ බුද්ධි අංශයෙන් තමන්ට ලැබුණු තොරතුරු
විශ්ලේෂණය කරලා සාර්ථක යුධ සැලසුමක් සකස් කරනවා.
ඉතින් මේ විදිහට ඊශ්‍රායලය, වෙන කවදාටත් වඩා ලඟ එන යුද්ධයට සූදානමින් හිටියා.
අරාබි රටවල් නං වෙනදා වගේම මේ විදිහට ඉන්න ඇති.


කුණාටුවකට කලින් තියෙන මුහුද වගේ මැදපෙරදිග බොහෝම නිශ්ශබ්දව සන්සුන්ව ටික දවසක් තිබුණා…...

--------

ජුනි 5 වෙනිදා උදේ 7.45 හිටි හැටියෙම තමන්ගෙ ගුවන් යානා රැසක් ගුවන්ගත වෙලා ඊජිප්තුව දිහාවට යන
හැටි, ඊශ්‍රායලයේ මිනිස්සුන්ට දකිනවා.
හදිසියේම ඊශ්‍රායලයේ ගුවන් යානා අහසේ දකිද්දි, ඒවායින් හෙණ ගෙඩි වගේ බොම්බ වැලක් තමන්ගෙ
Airbases වලට පහත් වෙද්දි, මේ වෙන්නෙ මොකක්ද කියන එක ඊජිප්තු හමුදා නායකයින්ට අදහාගන්න බැරි
වුණා

ඊශ්‍රායලීය යුධ උපක්‍රම ටිකෙන් ටික ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා

1- අරාබි ඔත්තුකාරයො කියපු විදිහට, මේ පාරත් ඊශ්‍රායල ,ගොඩබිමින් එනකං බලාගෙන හිටපු නිසා අහසින් ආපු ඊශ්‍රායල plane වල ලොකු ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ.

2- ඊශ්‍රායලය Pilot ල තමන්ගෙ යානා පොළොවට අඩි 50 තරම් ලඟින් පියාසර කරපු නිසා ලඟට එනකම්ම ඊජිප්තු Radar වලට හසුවුණෙ ත් නැහැ.

ඊශ්‍රායල බුද්ධි අංශ, සුදුසුම වෙලාව විදිහට උදේ 7.45 තෝරගත්තේ “සුමනෙ” දුන්න නැකතක් නිසා නෙවෙයි.
ඉතාමත්ම හොඳ හේතු ඇතුව.

උදේ 7.45 කියන්නෙ ඊජිප්තු ගුවන් යානා වැඩිහරියක් නඩත්තුවට, පිරිසිදු කිරීමට යොදලා තියෙන අවස්ථාවක්.
මොන හදිස්සියකටවත් මේ කිසිම plane එකක් ගුවන්ගත කරන්න ලැබෙන්නෙ නෑ.

මේ විදිහට ඊජිප්තු අහස ආක්‍රමණය කරපු ඊශ්‍රායල ගුවන් හමුදාව, හරිම සරළ උපක්‍රමයකින් මුළු Air Base එකම අඩපණ කරලා දානවා  

Air Base එකේ තියෙන හැම plane එකක්ම විනාශ කර කර ඉන්නෙ නැතුව Base එකේ ගුවන් ධාවන පථය (track එක) විතරක් මැදින් විනාශ කරලා දානවා.
track එකට හානි වුණාට පස්සෙ පොලොවෙ තියෙන කිසිම ඊජිප්තු Plane එකකට අහසට නගින්න වෙන්නෙ නෑ !

3- මේ වැඩේට තමයි වෙනමම බෝම්බයක් නිර්මාණය කළේ.

ගොඩබිමින් එනකං බලාගෙන හිටපු අරාබි රටවල් තමන්ගෙ Planes වැඩි හරියක් අනාරක්ශිතව එලිමහනේ නවත්තලා තියෙනවා. මේ නිසා ධාවනව පථය විනාශ කරපු ඊශ්‍රායල ගුවන් හමුදා, අර ඊජිප්තු Planes සියල්ල ලේසියෙන්ම ගිනිබත් කරලා දානවා.

සිය ගණනක් planes පොළොවෙන් උඩටවත් ගන්න කලින් පැය ගණනක් ඇතුලත ගිනිබත් වුණා.

ඒත් ඊජිප්තුව කියන්නෙ විශාල රටක්. Airports විශාල ප්‍රමාණයක් ඒ රටේ විසිරිලා තියෙනවා. පුංචි ඊශ්‍රායලයේ
තියෙන plane ඩිංගෙන් ඒ ඔක්කොටම එක පාර පහර දෙන්න බෑ

මේ නිසා සැරින් සැරේ ආපහු ඊශ්‍රායලයට ගිහින් ඉන්ධන, බෝම්බ අරගෙන තමයි එන්න වෙන්නෙ.
මේ වැඩේට ගොඩාක් වෙලාව ගියොත් ඊජිප්තුවේ ඉතුරු අනික් Airports වල Planes ගුවන් ගත කරගන්න
ඒගොල්ලන්ට වෙලාව ලැබෙනවා.

4- මේ තත්වෙ ඊශ්‍රායලයේ හමුදා නායකයො දුර තියා දැක්කා. ඒ නිසා තමයි කලින් කිව්වා වගේ ආපහු
ඉන්ධන, බෝම්බ අරගෙන ඊජිප්තුවට යන වේගය ඉක්මන් කරන්න තමන්ගෙ ගුවන් නියමුවන් පුහුණු කළේ.  
මේ නිසා ආපහු එන planes, විනාඩි 7 තත් 30 ඇතුළත ඉන්ධන Missiles සවි කරලා නැවත ගුවන් ගත
කරවන්න. ගුවන් හමුදා සෙබලු සමත් වෙනවා. [i]

plane ඔක්කොම ඊශ්‍රායලයේ ඉඳන් කෙලින්ම ඇවිල්ලා strike කරනවා වෙනුවට, ඊජිප්තුව නොහිතන විදිහට මුහුද හරහා ඇවිත් පැත්තකින් strike කරන්නත් ඊශ්‍රායල plane සේනාංකයක් වෙන් කළා


ඉතින් මේ විදිහට ඉතාම ඉක්මණින් රැළි (Waves) 3 කින් ඊජිප්තුවේ ගුවන් හමුදාවට ඊශ්‍රායලය පහර දෙනවා.
යුද්ධය පටන් අරන් පැය 3 ක් යනකොට Airports 26 ක් අඩපණ කරමින් මුළු ඊජිප්තු ගුවන් හමුදාවම
සුනුවිසුණූ කරන්න මේ පුංචි යුදෙව් රට සමත් වෙනවා.
තවත් පැය 2 කින් සිරියානු ගුවන් හමුදාව විනාශ කරනවා. මිනිත්තු ගණනක් ඇතුලත ජෝර්දානු ගුවන් හමුදාව
ඉවරයක් කරනවා.

මේ විශිෂ්ඨ ගුවන් ප්‍රහාරය අදටත් ලෝකය පුරා ගුවන් හමුදා පුහුණු කඳවුරු වල පාඩමක් විදිහට උගන්නනවා.

මේ විදිහට 6-Day-War එකේ පළවෙනි දවස අවසානයේදිම යුධ වැදිච්ච අනික් රටවල් සියල්ලෙම ගුවන් හමුදාව පරාද කරල, මුළු අරාබිකරයේම ගුවන් බලය තමන්ට නතු කරගන්න මේ පුංචි රට සමත් වෙනවා. (Air Superiority)

යුද්ධය අවසාන වෙද්දි අරාබි රටවල් සියල්ලේම Planes 426 විනාශ කරන්න ඊශ්‍රායලීය ගුවන් හමුදාව සමත්
වුණා. ඒ සටන් වලදි ඊශ්‍රායලය Planes 46 ක් විතරයි විනාශ වුනේ.

ගුවන් බලය තමන්ට ලැබුණූ වහාම අරාබි රටවල හමුදා කඳවුරු සුනු විසුනු කරන්න මේගොල්ලො පියවර ගන්නවා.
හැබැයි සිරියාවේදී මේ ප්‍රහාර දියත් කර ඊශ්‍රායලීය නියමුවන්ට අර හැම කඳවුරකම හිටවල තියෙන විශේෂ ගස්
ජාතියක් දකින්න ලැබෙනවා

5- ඒ තමයි අර කලින් කියපු Mossad ඔත්තුකාරයා Eli Cohen ගෙ ලණු ගිලලා සිරියානුවෝ හිටවපු ගස්
ටික. :D
මේ නිසා ගුවන් නියමුවන්ට අර ඊජිප්තු කඳවුරු තියෙන තැන් ඉතාම පැහැදිලිව අඳූනගන්නවා.
ගුවන් නියමුවො ඒ ජාතියෙ ගස් තියෙන හැම තැනකටම ගොඩනැගිලි බිමට සමතලා කරනවා...

කොයි තරම් ලස්සන උපක්‍රමයක්ද කියල පේනවා නේද ?  :D

මේ විදිහට මෙතනින් ඉස්සරහට එන දවස් 5 ම ඊශ්‍රායල ගුවන් හමුදාව හිතාගන්න බැරි විනාශයක් අරාබි හමුදා වලට සිද්ධ කරනවා. 

  • යුධ සැළසුමේ දෙවෙනි පියවර   -  Next >


No comments:

Post a Comment